Tuesday, 1 March 2011
අලුත් ඔඵ ගෙඩි..
මේ ඔඵ ගෙඩි වල
සියඵම පාටිෂන්
මුඵමනින් ෆෝමැට් කර
එකම එක
මෙහෙයුම් පද්ධතියක්
ඉන්ස්ටෝල් කල හැකිනම්
ජාතිවාදය
ආගම්වාදය
දුරලන්න තිබුණා..
Sunday, 27 February 2011
ජයග්‍රහණ වලට පසු..
ජයග්‍රහණ විඳින'යුරු
නොදන්නා රටකට
නොපෙනෙනා ලෙස
ළඟාවන විනාශය
දකින්නට ඇස් හැරැ
දස දහස් පරාජයන්
ළඟා විය යුතුමය.
Wednesday, 23 February 2011
හතුරුකම..
ගුරුත්වාකර්ෂණය
මායිම් නොකර
ස්කන්ධයක් නැති හිත
තාරකා වෙත නැගෙයි..
පොළොවටම ඇලෙන
මේ බරැ'ති කය
ඇද හෙලයි අපායට
තාරකා මතින් සිත..
Saturday, 19 February 2011
සිතුවිල්ලක් නොමැති තැනක..
අල්පෙනෙත්තක්වත්
පොළොවෙ ගහල
මේ නිහඞ බව
දෙදරවන්න
බෑ හිතෙන තරම් සිත
හිස් බවක ගිලුණම
මම හරිම ආශයි
ඒ බියකරු නිහඞ බවට..
එරී ගොස් නිහඞතාවේ
සිතුවිල්ලකට අරමුණක් නැතිව
සිතුවිලි ඉල්ලා වෙව්ලන
මගේ හිතටම මම හිනාවෙමි
කුරිරු ආශාවක වෙළී..
මූසල හිස්කමට
පමණක් මාව
පුරවා දමන්නට
ඉඩ දෙන්න කැමැතියි
ලස්සනට
කිසි ශබ්දයක් ඕනෑ නෑ
ඇතුළතින් හා පිටින්..
Saturday, 12 February 2011
පුරාණ මිසරය සහ පුරාණ ...............
විසල් විශ්මිත
පිරමිඩ තැනූ
ජාතියකට
රටක් තනන්නටද හැකිවිය..
අතීතයේදී
විශ්මිත දේවල්
තැනූ පමණින්
හැම ජාතියක්මත්
රටවල් ගොඩ නොනගයි
සියඵ දෙනාටම නිදහස්..
Friday, 11 February 2011
පැමිණීම සහ නොපැමිණීම
එකම එක දිග
වස්සානයක කෙළවර
පැමිණ සිටිනෙමු අප
ගිම්හානය වෙතට..
එහෙත් සොඳුරිය බලන්
අර පෙනෙන ගහකොළ වෙත
වසන්තය නැවත නැවතත්
පැමිණ රඟදෙන අපූරුව..
Friday, 4 February 2011
Subscribe to:
Posts (Atom)





