Wednesday 19 October 2011

දුමින්දලා මොළය පශ්චාත්භාගයේ තියෙන මෝඩයෝද?






දුමින්දට මොළයක් නැති ‍බව පහුගිය දිනවල ඔහුගේ මරණය පතන බොහෝ දෙනා ප්‍රකාශ කලෝය. ඔහු මෝඩයෙක් බවද, හරකෙක් බවද තැන් තැන් වල ලියා තිබුණේ  ඔඵවට වෙඩි වැදිණි නම් දුමින්දගේ මොළයට හානියක් සිදුවිය නොහැකි බව පවසමිනි. දුමින්දට මොළයක් වීනම් එය ඔඵවේ නොවන පශ්චාත්භාගයට අයත් තැනක තිබිය යුතු බවට බොහෝ දෙනාගේ උපකල්පනය විය.

ඒත් දුමින්ද මොළයක් නැති මෝඩයෙක්ද?

මොළයක් නැති එකෙකුට සිල්ලර කඩයකින් පටන් ගෙන දවසකට මිලියනයක් හෝ වියදම් කල හැකි මිනිහෙක් විය නොහැක.

එසේම නීතියක් තියෙනවා යැයි කියන රටක ඔහු මෝඩයෙක් නම් නීතියට ඉහළින් මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පාතාළ කටයුතු වල ඇතැම් මාධ්‍ය වල කියවෙන පරිදි නිරත විය නොහැක. එසේම නීතියෙන් තහනම් වූ තම පවුලේ ගුවන් විදුලි නාලිකාව දෑත් ශක්තිමත් කිරීමෙන් පමණක් ‍මොහොතකින් ආපසු ලබා ගත නොහැක. එසේනම් එතන මෝඩ වී ඇත්තේ හෝ හාස්‍යයට ලක්වී ඇත්තේ නීතිය මිස දුමින්ද නොවේ.

කුඩු ජාවාරමට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේ පවා කියවෙද්දී නීතියේ එක ඇඟිල්ලක්වත් ඔහු දෙසට ඔසවන්නට තරම් අබ්බගාත වූ නීතියක් ළඟදි, පොලිස් දෙපාර්තමේන්තුවක් ළඟදි මෝඩ වී ඇත්තේ දුමින්ද නොවේ.

එසේම රැකවලේ යෙදෙන පොලිස් හෝ හමුදා නිළධාරින් ඉදිරිපිටදීම මහ දවල් දාමරික කම්, මැරකම් වල නියලිම මෝඩයෙකුට කල නොහැක. මෝඩයන් සේ ඒ සියල්ල නොදුටූ ලෙස බලා සිටින්නට සිදු වූයේ පොලීසියට හෝ හමුදාවටය.

අවසාන වශයෙන් එක් අතපසු වීමකින් වෙඩියක් වැදුණු පමණින් ඔහු තවම මෝඩයෙක් වී නැත. මිනීමරුවා කියා බහුතරය අත දිගු කරද්දීත් ඉහළ රාජ්‍ය මට්ටමේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය හැකි මට්ටමකට ඔහු පැමිණ සිටීනම් ඔහු මෝඩයෙකු නොවේ. ඒත් ඔහුට අත දිගු කල සියල්ලන්ම ඔහු ඉදිරියේ මෝඩයන් වී හමාරය.

භාරත ඝාතනයේදී ඔහු සහ ඔහුගේ සහචරයන් සෘජුවම අවි ඔසවා මැදිහත් වුණ බවට සාක්ෂි ඇතැමුන් ලබා දී තිබෙන තත්වයක් තුළ ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ ප්‍රතිකාර ලබා දිය යුතු බව ඇතැමෙක් පවසද්දී රජයේ වගකිව යුතු නිළධාරීන් විසින්ම භාරත ඝාතනයට ඔහු සම්බන්ධ බවට තොරතුරු නැතැයි පවසන තත්වයක් තුළ ඔහු කිසිදා මෝඩකමක් කර නැති බව තහවුරුවේ. මෝඩයන් බවට පත් වෙමින් සිටින්නේ ඔහු අත් අඩංගුවට ගැනීම පිළිබඳ සිහින දකින්නන්ය.

‍එසේම යළි සුවපත් වී පැමිණෙන ඔහු නැවතත් තමන් නැවතූ තැනින් කරමින් සිටි සියල්ල හෙට දින අරඹන විට මෝඩයන් වී සිටින්නේ ඔහුද?

රූපවාහිනී නාලිකාවක් සහ දුරකතන සමාගමක අයිතිකරුවෙකු වීනම් මේ රටේ ජනාධිපති වීම තමාට මහ දෙයක් නොවන බව ඇතැම් පුවත් අඩවි වල වාර්තා කල පරිදි දුමින්ද පැවසූවේනම් එය මෝඩ ප්‍රකාශයක් නොවනු ඇත. ඔහුගේ බුද්ධිය විසින් මේ රටේ බහුතර ජනතාවගේ මානසික යථාර්තය තේරුම් ගෙන ඇත. කුළී ලියන්නන්, කුළී විද්වතුන් ඕනෑ තරම් සිටින රටක ඒ දෙක පමණක් තිබේනම් නිල් පාටට, කොළ පාටට හෝ රතු පාටට ගොන්නුන් හැට හැත්තෑ ලක්ෂයක් නිර්මාණය කල හැකි බව මේ ආශ්චර්යමත් දේශයට ඉහළින් ගෙවී ගිය කාලය සාක්ෂි දරයි.

ඔවුන්ට ඉහළින් මැස්සෙක්සෙකුටවත් පියාඹිය නොහැකි ලෙස පරිසරය ගොඩ නැගූ ඔවුන් මහ මොළකාරයන්ය. එවන් දුමින්දලා, මර්වින්ලා හැරුණු විට අපි සියල්ලන්ම මොළයක් නැති මෝඩයන් විය හැක.

මේ පවතින විදිය සියඵම දුමින්දලා වෙනුවෙන්ය. එබැවින් කිසිම දුමින්ද කෙනෙක් මොළයක් නැති මෝඩයෙක් නොවේ. ඒත් එක වරක් හෝ මේ දුමින්දලා වෙනුවෙන්ම නිමවුණ ක්‍රමය හෝ දුමින්දලා නියෝජනය කරන කිසියම් බලමුඵවක් වෙනුවෙන් සිතුවිල්ලකින්, වචනයකින්, කතිරයකින් හෝ දායක වී සිටින්නේනම් අද දුමින්දට මොළයක් නැති මෝඩයෙක් කියන සියල්ලන්ම අන්තම අන්ත මොළයක් නැති මෝඩයන්ය. පරාජය වන්නේද, පීඩිත වන්නේද, අපේක්ෂා භංගත්වයට පත්වෙන්නේද, කෙළවා ගන්නේද ඔවුන් මිස දුමින්දලානම් නොවේ.

එබැවින් පළමුව දුමින්දලාගේ මර්වින්ලාගේ මොළය ඇති තැන ගැන උපකල්පනය කරන සියල්ලන් තමන්ගේ මොළය පවතින්නේ කොතැනද යන්න පිළිබඳවත් සොයා බලන්නේනම් වඩා හොඳය.

21 comments:

  1. හ්ම්.......දුමින්දලාව නුවණක්කාරයින් කරන්න දායක වුනු අපිම තමයි මෝඩයෝ !!

    ReplyDelete
  2. කියන්න දෙයක් ඉතිරිව නැත!

    ReplyDelete
  3. වැඩක් නෑ බං කෑගහලා... මම නම් සිරාවටම කැමතියි ඔය වගේ එවුන්ව බෝම්බගහලා හරි මරලා දානවට...

    ReplyDelete
  4. එකඟයි. හරේ කිව්වා සේ ඌනපූර්ණයට යමක් ඉතිරිව නැත.

    ReplyDelete
  5. අන්තිමට මෝඩයෝ වෙන්නෙ අපිම තමයි.......

    ReplyDelete
  6. මචන් උන්ගෙ මොළේ හරි තැන තියන්ව, ඒකනෙ ඔච්චර ලොකු ගේම් දෙන්නේ.හැබැයි අපෙ රටේ මිනිස්සූන්ගෙ මොළේ තියන තැනේ තමා අවුල

    ReplyDelete
  7. මොනා කරන්නද ඉතිං! දැං අපට මොඩයො වගේ බලාන ඉන්න තමා වෙන්නෙ!

    ReplyDelete
  8. සිරා කතාව....
    උං මෝඩයෝ නෙමෙයි උං හෙන මොළ කාරයෝ.. උන්ට සෑහෙන්න මොළේ තියෙනවා....බොහෝමයක් ජනතාව මොඩයා කරන්න පුළුවන් තරමටම මොළේ තියනවා...
    හැබැයි ජනතාව මෝඩ නෑ වෙලා තියෙන්නේ අරුං තරමට බුද්ධිමත් නෑ!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හැම එකාම මැක්කා ගැන ලියනකොට හරක ගැන ලියන උන්ට මම කැමතියි. නියම පෝස්ට් එක. මමත් ලිව්වා....

    මෙතනින් බලන්න

    ReplyDelete
  11. නියමෙට කියල තියෙනව .
    ඔය ලිස්ට් එකට තව එකතුවෙන්න ඔනෙ අය ඉන්නව

    මෝඩ සිරස
    මෝඩ රනිල්
    මෝඩ රජ්ජුරුවො
    මෝඩ දේශපාලකයො
    ..........
    .........
    .........

    ReplyDelete
  12. //රූපවාහිනී නාලිකාවක් සහ දුරකතන සමාගමක අයිතිකරුවෙකු වීනම් මේ රටේ ජනාධිපති වීම තමාට මහ දෙයක් නොවන බව ඇතැම් පුවත් අඩවි වල වාර්තා කල පරිදි දුමින්ද පැවසූවේනම්...//
    ඇත්ත මෝඩයො කවුද කියලා දුමින්ද දැනගෙන හිටියා.

    ReplyDelete
  13. ඇඬෙනව මචන්... ආයි කොනක් ඉතුරු නොවෙන්නම දීල තියෙනව... එල...

    ReplyDelete
  14. දුමින්දගේ මරණය නම් ගොඩ දෙනෙක් ප්‍රාර්ථනා කරනවා !!!

    මෝඩයා දුමින්ද නෙමෙයි. දුමින්ද වගේ එවුන්ව පත් කරගන්න කතිරය ගහපු අපියි මෝඩයෝ !!!

    ReplyDelete
  15. අද රටේ දේශපාලනයත් එක්ක ගත්තම දුමින්ද මෝඩ නෑ තමයි.සේරම රටේ ලක්සෙට කොඩි දාල ඉන්නේ ඔහොම එවුන්මනේ.

    ReplyDelete
  16. මිලියන දහයක් පාලොහක් මෝඩයින් ඉඳිද්දී නුවනක්කාරයට මොඩය කියන එක වැරදියි තමයි..

    ReplyDelete
  17. වෙනදා වගේම පට්ට ලිපියක් .....
    එල ......

    ReplyDelete
  18. ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ බන්... එකම දේ කට්ටිය ඇක්ශන් ෆිල්ම් වලට කැමතියි... හොඳම ඇක්ශන් දෙන්ඩ පුලුවන් අයට චන්දෙ දෙන්නෙ ඒකනෙ...

    ReplyDelete
  19. මේ විදියට ..ලෝකය දකින, ඒ වගේම ..එහෙම දකින්න අපටත් කියාදෙන...මෙවන් යථාර්ථවාදී සටහන්...තවදුරටත් ලියන්නට...නුඹට දිරිය හා ශක්තිය පතමි...මිතුර.

    ReplyDelete
  20. සහතික ඇත්ත!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.