අල්පෙනෙත්තක්වත්
පොළොවෙ ගහල
මේ නිහඞ බව
දෙදරවන්න
බෑ හිතෙන තරම් සිත
හිස් බවක ගිලුණම
මම හරිම ආශයි
ඒ බියකරු නිහඞ බවට..
එරී ගොස් නිහඞතාවේ
සිතුවිල්ලකට අරමුණක් නැතිව
සිතුවිලි ඉල්ලා වෙව්ලන
මගේ හිතටම මම හිනාවෙමි
කුරිරු ආශාවක වෙළී..
මූසල හිස්කමට
පමණක් මාව
පුරවා දමන්නට
ඉඩ දෙන්න කැමැතියි
ලස්සනට
කිසි ශබ්දයක් ඕනෑ නෑ
ඇතුළතින් හා පිටින්..