නොදනීද ඔබ
සිහිනෙකට එන හැටි
අනුන්ගෙ නිදි ලොවක
විනීතව
සංවරව
හා.... කමක් නෑ..
ආයෙමත් සූදානම්
මම නිදන්නට
එනවනම් මේ වරත්
ආවාට කමක් නෑ
ඔය නොසන්සුන්
ඇස් ටිකක් නිවාගෙන
විනීතව
සංවරව......
උපරිමයි සහෝ. සිහින ලොවේ මිහිරක් මැවෙන්න වගේ යන්නේ :)
ReplyDeleteහා හීනයක් දැකල නේද???
ReplyDeleteදකින්න යන හීනේ මොන වගේ එකක්ද කියල ඒ හීනෙට එන කෙනාගෙ හැසිරීම් විස්තර කරපු ආකාරයෙන් පැහැදිලි වෙනව. අපට ඕන විදියට හීන දකින්න ආසා උනත් හීන ගේන අය අපට ඕන විදියට නෙමෙයිනෙ හීන පෙන්නනෙ.කොහොම උනත් කමක් නෑ හීන වලටම වහල් වෙන්නැතුව හිත ධමනය කර ගන්න හදන උත්සාහය වටිනව.
ReplyDeleteඒ තරම් විනීතව සංවරව ආවම හීනයේ සුන්දර බව නැතිවෙනවනෙ......
ReplyDeleteසිහින කුමරියන්වී
ReplyDeleteවිනීතව සංවරව
බොහෝ අය පැමිණේවි...!!!!
බිඳී විසිරී වැටෙන
සිහින මාළිඟ තුලට
හැමදාම වගේම උපරිමයි..
ReplyDelete"සිහින වලට වැට කඩුලු සීමා නැත.... "
ReplyDeleteහරිම ලස්සනයි නිර්මාණය!!!!
"එනවනම් මේවරත්, ආවාට කම් නැ"
ReplyDeleteලස්සනයි සහො මේ වචන ටික...
-සෝරෝ
ඔබ සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි දැක්වූ අදහස් වලට.
ReplyDeleteහීනෙන් ඇවිත් මොකටද බන් විනීතව සංවරව ඉන්නේ . . හැබෑ ලොකේදී බැරි මගුල් කොර ගන්න ඉඩ තියෙන්නේ හීන ලෝකේදී විතරයි . . එහෙව් එකෙත් විනීතව ඉන්න නම් ඉතිං හැඟීම් දැනීම් දැනෙන ඒවා ගලෝල දාන්න වෙයි . . හි හි
ReplyDelete@ දුකා
ReplyDeleteහික් හික් ඒකනම් ඇත්ත තමා.
ඒත් මේ හීන දකින එකා හෙම්බත්වෙලා ඒකෙන්.
ස්තූතියි ඔබේ අදහස් වලට.