Tuesday 17 April 2012

වැරැදි නොකෙලෙම් මං



වැරැදි නොකිරීමට
ඉටා නොගත්තේනම්..?


අවදානම් මැද
ත්‍රාසය සමග
යන්නට තිබිණි බෝදුර
ජීවිතේ ඉදිරියට...
හදවතේ ඉහළට...

ලෝකයා අභියස මම
නිවැරැදි ගලක් මෙනි අද
එනමුත්
අක්‍රීය, 
නොසෙල්වෙන...


7 comments:

  1. නිවැරදිද වැරදදි
    සාපේක්ෂයි බව
    දැණෙද්දී විටින් විට
    ඔය ගල් හිත තලා
    කුඩු වන්නට හැර
    හමන සුළඟට
    මුසුවන්ට ‍නොසිතේද?

    ReplyDelete
  2. වැරදි නොකරම කෙසේ
    සොයා ගන්නෙද
    ඒ වැරැද්දක් බව
    ඒ වැරැද්ද වැරැද්දක් බව
    පිටස්තරයෙක් කියන තුරු
    නොදනිමු ඒ වැරැද්ක් දැයි
    නිවැරද්දට වඩා වැරැද්දෙන්
    ඉගන ගත යුතු තැන් බොහෝ ඇත
    එබැවින්
    වැරදි පර්වතයක් වෙමු
    සක්‍රියව
    පුපුරා හැලී යාමට ආසන්න

    ReplyDelete
  3. වෙනස් සිතුවිල්ලක්.. අපූරුයි..

    ReplyDelete
  4. hare ගෙයි දයානන්ද රත්නායකගෙයි අදහස් වලට මමත් එකඟයි. වැරද්ද සාපේක්ෂයි. රටින් රටට. ජාතියෙන් ජාතියට. ආගමෙන් ආගමට. පුද්ගලයාගෙන් පුද්ගලයාට. කවුද හරි කවුද වැරදි??
    මැණික්

    ReplyDelete
  5. අක්‍රීය
    නොසැල්වෙන
    නිවැරදි ගලක්..............වීමත් නරකම නෑ

    ReplyDelete
  6. //අවදානම් මැද
    ත්‍රාසය සමග
    යන්නට තිබිණි බෝදුර
    ජීවිතේ ඉදිරියට...
    හදවතේ ඉහළට...//

    හැමෝම ආසයි ඔය වගේ වෙන්න

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.