Friday 9 September 2011

කනත්ත හන්දියේදී..




දෙවැනිවර ආගමනයෙන්
දෙසතියක් ඇවෑමෙන්
බුදුන්ව කුරුසයට තබා
ඇණ ගසා මරා තිබුණා
ඊයෙ හවස...

ස්වකීය නාමයෙන්
සංස්කෘතියක් බිහිකර
ස්වකීය ධර්මය
ජීවනෝපාය කරගත්
අනුගාමිකයින්ගෙන්
ස්වකීය අනන්‍යාතාවය
ලබා ගන්නට බැරිවුණු

උන්වහන්සේ..

පන්සල් පල්ලි කිසිවකට
වැද්ද නොගත්තෙන්
පාඵවට ගිය අගුපිල් වල
රෑ දවල් අසරණව
වැඩ හිඳිනු
දැක තිබුණා යාචකයින් පිරිසක්
පසුගිය දවස් වල..

උන්වහන්සේගේ
ආගමනයේ පළමු දෙසුමෙන්
හිත නරක් කරගෙන සිටියා
අනුගාමිකයෝ..

ඔවුන්ට ජීවමාන බුදුහූ
ඔරොත්තු නොදෙන බව
උන්වහන්සේ කියා තිබුණා
යාචකයින් සමග..

උන්වහන්සේ මිසදුටු
කුමන්ත්‍රණකරුවෙක් බව
බුදු දහම අතැඹුලක්සේ දත්
උසස් උගතුන් බොහොමයක්
පත්තර වලට ගිය සතිය පුරාවට
ලියා තිබුණ ලිපි‍ ගොඩක්..

උන්වහන්සේගේ දේහයේ
අවසන් කටයුතු කරනු
රෝහල මගින්
අද හවස කනත්තෙහි
යාචකයින් දැක තිබුණෙන්
ඔවුන්ගේ දෑස්වල
කඳුඵ පිරැවී තිබුණා..

19 comments:

  1. මට මතක් වුණා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ලියපු කෙටිකතාවක්! ... එහි කියැවී තිබුණෙත් බුදුරදුන් අයෙත් ලංකාවට වැඩියොත් උන්වහන්සේ මේ සමාජය විසින් දකින හා පිළිගන්නා විදිය...
    එහි තිබුණු එක් කරුණක් මගෙ හිතට තදින් කා වැදුණා අපේ හාමුදුරුවරු අනිවාර්යයෙන්ම බුදුරදුන්ට ගරහාවි උන්වහන්සේ සිවුර අඳින විදිය තම තමන්ගේ නිකායට නොගැලපෙන බව පවසමින්

    ReplyDelete
  2. මේක පට්ට ලොකු අයියේ.
    උඹේ මම කියවපු හොඳම සටහන.

    ReplyDelete
  3. අලංකාර පබැදිමකි ලස්සනයි ගැම්මක් තියෙනව...

    ReplyDelete
  4. හොඳට ලියලා තියනවා, තවදෙතුන් පාරක් කියවන්න ඕන, හොඳ අදහසක් .......

    ReplyDelete
  5. සම්පුර්ණ ඇත්ත.. අද උන්වහන්සේ නැවත පැමිණියොත් සියයට අනුවක් චීවරදාරීන් දේවදත්ත චරිතය රඟපානවා සිකුරුයි.

    ReplyDelete
  6. නියමෙට ලියලා තියෙනවා.
    මට නම් මතක් උනේ ඊයේ අහපු බැළුම්ගල වැඩසටහන.....

    ReplyDelete
  7. සුපිරි බං! කොයි ආගම් නායකය ආවත් එයාලගෙ වර්තමාන ගෝලයො අතින් තමයි එලොව යන්න වෙන්නේ :D

    ReplyDelete
  8. මුල්ම ගල් පාර වදින්නේ අසපු නිකායයෙන්

    ReplyDelete
  9. "මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳ ගනීදෝ"
    මටත්, අපිටත් උන්වසන්සේව කොච්චරවත් දැකලත් නොදකිනවා ඇත්ද...

    ReplyDelete
  10. සියලු ආගම් නායකයින්ට පොදු සංසිද්ධියක්. ජේසු තුමා ආවා නම් පොරටත් බඩු.

    හැබැයි මට මේකත් එක්ක සංසන්දනය කරන්න හිතුනේ විද්‍යාව. නිව්ටන් ආපහු ආවොත්. පොර තමයි අද ඉන්න මැටිම විද්‍යාඥයා. සාපේක්ෂතා වාදේ එක්ක හැප්පෙයි, ගණිතයේ කලනය ඉක්මවා ගිය තැන් වල මෝඩදෝෂ දකියි.

    එතකොට නැවත පැමිණි බුදුන් ශ්‍රේෂ්ට වී නිව්ටන් හාල් කෑල්ලක් වුනේ ඇයි?

    විද්‍යාව හා ආගම අතර පැහැදිලි වෙනස නම් බුද්ධියේ ප්‍රගමනය/අවගමනය යි. විද්‍යා බුද්ධිය නිර්මාණකරුගේ මුවින් පිට වන්නේ ඉතාම ප්‍රාතමිකවයි. සෙසු මිනිසුන් පරම්පරා ගණනක් ඒ බුද්ධිය වර්ධනය කරති. ආගමික බුද්ධිය නිර්මානකරුගෙන් පිට වන තරම් වත් යහපත් ලෙස සමාජගත නොවේ. පවත්වා ගැනීම ගැන කවර කතා ද?

    ඔහු/ඇය කියන්නක් නො අදහන්න කියන විද්‍යාව එම කියූ දෙය වඩාත් ඔපවත් කරයි. ඔහු/ඇය කියන්නක් අදහන්න කියන ආගම [කාලාම සුත්‍රයේ බුදුන් එහෙම එපා කිව්වට එක බෞද්ධ දර්ශනය තුල ප්‍රායෝගිකව යෙදෙන්නේ නැති බවයි මට තේරෙන්නේ] එතුලින් එම මතය තවත් දුර්වර්ණ කර ගනියි.

    බුදු දහම වැනසීමට දිගු කාලින භූගත හේතුව නම් මෙය බුද්ධ දේශිතය කියා අන්ධ භක්තියෙන් ඇදහීමයි. මෙය බුද්ධ දේශිතය වුවද මෙය වැරදියි කියන්නට තරම ගටක්‌ නැති කමයි.

    වෙනස් කතාවක් ලිව්වට සමා වෙන්න.

    ReplyDelete
  11. නියම සිතුවිල්ලක් !!!!
    අයියටත් පුදුම දේවල් තමයි හිතෙන්නේ. මෙතන ඔක්කොම වගේ ආගම් තියෙනවා.

    ReplyDelete
  12. කියන්න වචන ඇත්තෙන්ම නැහැ. ඒ තරම් උපරිමයි.
    මැණික්

    ReplyDelete
  13. ඒකනම් පුදුම සිතිවිල්ලක් සහෝදරයා .
    මට ඒක විස්තර කරන්න නම් බෑ . නියමෙනුත් නියමයි .

    කවදාහරි බුදුන් වහන්සේ කෙනෙක් ආයෙමත් පහල වුණොත් ..වෙන්නේ මේකද මම කවදාවත් මෙහෙම් හිතලා නෑ

    ReplyDelete
  14. ඔබට මතකද මන්දා....මින් පෙර දිනෙක,ඔබේ මේ ..හිතීමේ හා ලිවිමේ කලාවට මා මොන තරම් ප්‍රිය කරනවාද ...කියා ලියා තිබූ බව.

    මමත් හැමදාම හිතුවා..ඔබ විදිහට හිතන්න, මටත් පුලුවන් උනා නම් කියලා...යාලුවේ.

    ඇත්තම කියනව නම් ..ඔබේ සටහන් වලට මම පෙරේතයි.

    මෙය ඔබටම ආවේනික වූ..වෙනස් ආරක් ලෙස දකින අතර...අද සටහන ගැන ලියන්න වදන් නෑ....යාලු.
    අති විශිෂ්ඨයි...!!!!!!!!!

    ReplyDelete
  15. නියමයි... පට්ට...
    කවිය ඉදිරියේ මට මා කුඩා වී දිස්වෙන හෙයින් කියන්නට වදන් නැත....

    ReplyDelete
  16. බුදුන්ටත් බුද්ධාගම උගන්නන්න ඇහැකි උන්නාන්සේලානේ දැන් වැඩ ඉන්නේ .
    රචනාව ගැනනම් වනන්න වදන් ් නෑ මචං.

    ReplyDelete
  17. ලංකාවෙ "බෞද්ධ" ලේබලය යටතෙ අලෙවිවන සංස්කෘතියට බුදු හිමියන්ගෙ සම්බන්ධයක් නැත. යළි ආගමනයක් ඇත්නම්, උන්වහන්සෙව පිළිකෙව් කිරීමට මුල් තැන ගන්නෙ, අනුගාමිකයන්යැයි කියාගන්න අයම තමා.
    අපූරු පදවැල.

    ReplyDelete
  18. සපුරා අැත්ත මචන්!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.