ගල් තලා යට සැඟවූ
රත්රන් මුතු මැණික් කැබැලිති
රකින්නෙමු යුග ගණන්
වස්තු තෘෂ්ණාවෙන්
මඩිනා සිතැති අප..
අමනුෂ්‍ය
ස්වභාවය එයයි..
මහ පොළොව සතු
අති මහත් නිධානය
ගහ කොළ ඇළ දොල නදී
සතා සීපාවන්මය..
එය රකිනු බැරි තොප
තෘෂ්ණාවෙන් මැඩූ සිතැතිව
අමනුෂ්‍ය රීති කඩකර
ඉල්ලයි රත්රන් කැබැලි
යුධ භටයින් එවා
බැකෝවෙන් පහර දී..
මුග්ධ මිනිසුනි තොපට
රැකිය නොහැකිය කිසිවක්
කල්ප කාලයක් හාමතින්
වැදහොත් විලස
අමනුෂ්‍යයන් ඉක්මවූ
තණ්හාධිකය තොප මන..
අවසන පැරැදී ඇත
තමා සතු හදවතින්
මිනිසුන්ට පමණක් නොව
අමනුෂ්‍යයන් ළඟද තොප..
අර්ථවත් කවි පෙලක්..
ReplyDeleteයනදා සියල්ල හැරදා
ReplyDeleteහතර රියනත් විස්වාස නැති කල
කවර රන් රුවන්දැයි
ගෙනයන්න ගොඩගන්නේ ?
“එය රකිනු බැරි තොප
ReplyDeleteතෘෂ්ණාවෙන් මැඩූ සිතැතිව
අමනුෂ්‍ය රීති කඩකර
ඉල්ලයි රත්රන් කැබැලි
යුධ භටයින් එවා
බැකෝවෙන් පහර දී..“
ඇත්තටම සුපිරී.....
කේමදාසයන් විසින් කළකට ඉහත දී "නිධන් කොල්ලය" නමින් සංගිතමය සංධ්වනියක් කලා. එහි එක තැනක තිබුණා "යකුළු වලින් වැදුනේ හිමි සිරසට පපුවටද?" කියලා කොටසක්මට ඒක මතක් වුණා මේ නිසඳැස දකිද්දි.
ReplyDeleteතෘෂ්ණාව පිරුණු සිත් මැඩිය නොහැක කිසි දිනෙක.සදා කල්හිම නිරයේම දැවෙනු පවක් මිස.
මිය යන විට කිසිවකු ගෙන ගිය දෙයක් නැත,ගෙනයන දෙයක්ද නැත, ගෙනයන්නෙ ඔහු/ඇය කළ කර්ම විපාකය පමනි...........
ReplyDeleteලංකාවෙ හිටිය පසුගිය මාසය තුලදි දේශපාලන බල පුළුවන් කාරයො සහ හමුදා ලොක්කො නිධන් හොයන කථා කීපයක්ම අහන්න ලැබුන
ReplyDeleteඔය නිදන් හාරන්නෙ
ReplyDeleteඅමනුෂ්‍යයෝම නම්
අදාල නෑ මේ කවි
එකක්වත්...
//අමනුෂ්‍යයන් ඉක්මවූ
ReplyDeleteතණ්හාධිකය තොප මන..//
පට්ට බං.
අමනුෂ්‍යයන් ළඟ පැරදුනත් වැඩක් නෑ. අවසානය නොතේරෙන එක තමා වරද
ReplyDeleteඅමනුෂ්‍යයන් නෙවෙයි දැන් බහිරවයෝ.පොලොව යට තියන වස්තූන් වලට ලොල් වෙච්චි මනුෂ්‍ය බහිරවයෝ තමයි හැම තැනම.
ReplyDelete