පිටස්තරයාගේ ලෝකය
- උත්තර භූමියක සිහිනය -
Friday, 30 April 2010
ජීවත් වීම නම්..........
තම තමන්ගේ සිරකුටි
සරසයි විසිතුරුව...
වැදී මහ තරඟයක
සියල්ලෝ යුහුසුඵව.....?
Thursday, 29 April 2010
දේශපාලනය
දේශයේ ජනී ජනයාට
අපි කියා සිටියෙමු නිබඳ
බුද්ධියෙන් අනූන බව ඔවුන්....
ඉන්පසු මේ අපායේ
නාම පුවරුව වෙනස් කළෙමු
"සුරලොව" ලෙසින්.....
අලුත් පුවරුව දෙස බලා
ඔල්වරසන් දෙන ඔවුනගේ
හදවත් පිරීගොස් ඇත
කෘතවේදී බවින්....
අපිද සිනාසෙන්නෙමු.......?
Tuesday, 27 April 2010
දිළිඳු කලට කොයිද සෙනෙහෙ...
නිම්නයේ හාත්පස
ආදරේ සුව විඳින
සුවඳ මල් ගොමු අතර
නොපිපුණෙමි මේ දියත...
සමනලුන් නොපැමිණෙන
කටුක ගිරි සිඛරයක..
ශුෂ්ක කටු පඳු අතර
කර්කෂව සුපිපුණෙමි.....
රොනින් තොර සුවඳ නැති
සුමුදු ගති නොමැති පෙති..
සිඹින්නට නොරිසි ලෙස
සුළඟ මග හැර හමයි......
ඉදින් මම මලක් නොව
මලක මළ සිරුරක්මි..
භීතියේ දෙනෙත් මිස
ශෝකයේ දෙනෙත් මිස
පිළිකුලේ දෙනෙත් මිස.....
නුදුටු සෙනෙහේ දෙනෙත්....
Monday, 26 April 2010
පිස්සන් කොටුව
එකිනෙකාගෙන් වෙනස්වන
පුංචිම ප්‍රතිශත වලින්
රෝගී කෝටි ගණනක්
රඳවා තිබේ...?
සයුරු සතකින් වෙන්කර
මහද්වීපික සයක
ගෝලීය කුටියක් තුළ
.....
Saturday, 24 April 2010
රැක ගත නොහැකි වූ විකට්ටුව
ඇය එවූ දඟ පන්දුවෙන්..
විකට්ටුව බිඳ වැටිණ..
මා දැවී ගියේය.
කිසිදු ලකුණක් නොලබාම.
Friday, 23 April 2010
බහුරූපිකයා
පුංචි කාලෙ නොදරුවෙක්ට
අම්ම කිව්ව මෙහෙම වෙන්න
පියා කිව්වෙ මෙහෙම වෙන්න
අයිය අක්ක නෑසියන්ද..
මිතුරන් හා ගුරුවරුන්ද
මෙහෙම මෙහෙම වෙන්න කිව්ව..
කවදාවත් බැරිවුණේය
මට 'මම' වන්නට එබැවින්
අනුන්ගෙන්ම පිරවුණ මා
බහුරූපිකයෙක් වුණේය...
සොයාගන්න බෑ මට අද
මගෙ හැඩරුව කොයි වගේද..?
ජීවත් වෙන්නේ මම වෙද?
මියයන්නෙත් මමම වේද...?
Thursday, 22 April 2010
මිනිසත්කම
තිරිසන්කම වැඩිකර
ප්‍රකෝටියකින්..
ලබාගත්තෙමි සැණින්
නිවැරැදිම පිළිතුර..?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)