ජීවිතේ පිය හසර
සෙනෙහසින් පිය නැගූ
සුවහසක් දරු ලැබූ
සත්‍යයේ පියාණනි..
නේක මල් ගොමු අතර
මිනී මල් පැහැයටත්
ඉඩ තැබුණු හදවතේ
සුවඳ පියුමක් පිපේ..
මිනීවල තුල නිදන
සුපිපි අරවින්දයේ
සියක් පෙති තෙමී යයි
සහස් කඳුළැලි වැටේ..
විශ්වයේ තරු අතර
සුවපත්ව ඔබ පෙනේ
පැහැසරින් ඔබ දිලෙන
සැනසුමක් සිත නැගේ..
(තම තම ණැන පමණින් බ්ලොග් අඩවිය ලියූ අප අතරින් වියෝවුණු කුමුදු ලාල් පින්තු මහතා වෙනුවෙනි)
"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු...ලද දේ හිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු...පොළොවේ මිහි සයනේ ගොඩ නැගුනු මිනිස්සු..කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු" (වසන්ත කුමාර කොබවක)..
ReplyDeleteතම තම නැණ පමණින් වටහා ගන්නට
ReplyDeleteඔබ දුන් නැණ පහනින් ලද ඒ එළියට
ණය ගැති අප සැම දුක් සයුරේ ගිල්වන්නට
හිතුවේ ඇයි මේ ලෙස අපහැර යන්නට
එතුමාට නිවන් සුව අත්වේවා !!!
ReplyDelete