නම කිව්වා ගම කිව්වා
රස්සාවත් කීව ඉතින්
මම දන්නව මේ දැන් දැන්
අහන්න යන ප්‍රශ්ණ ගොන්න
ඔයාගෙ ඔය ඔඵව තුළින්
අහන්නෙපා ඒක නිසා
අයිය අක්ක කොහෙද ඉන්නෙ
නංගි මල්ලි ඉන්නවාද
උන් බැඳලද දරුවො ඇත්ද
අම්ම අප්ප මොකද කලේ....??
ඔයා තවම බැඳල නැද්ද
මොකද ඔයා බඳින්නැත්තෙ
බඳින්න අදහසක් නැද්ද
වයස ගෙවිල යනව නේද....??
ඉගෙන ගත්තෙ මොනවද ඔබ
කැම්පස් හෙම ගියා වේද..?
අහවල් එක කළොත් මොකද
තව පොඩ්ඩක් ඉගෙන ගන්න
මමත් ඒක කරල ඉන්නෙ
සම්ප්‍රදාය කලක ඉදන්
පට්ට ගහපු ප්‍රශ්ණ ඒව
තියෙනවනම් එහෙම නොවන
නැවුම් විදියෙ ප්‍රශ්ණ එහෙම
හොයල බලල අරන් එන්න
මම උත්තර දෙන්න කැමැති
එකම විදියෙ ප්‍රශ්ණ ගොඩක්
එකම විදියෙ ඔඵ අතරින්
දමා ගහන මැෂින් වගෙයි
නැත්නම් මට හැඟී යන්නෙ
අලුතින් හමුවන හැමෝම..
අළුත් ලෝකයකට අළුත් ඉරක් පායන තුරු. .,
ReplyDeleteඅපි මග බලන් ඉන්නවා...
ඒත් ඒ ඉර හැමදාම පායන්නෙ
පුස් බැඳුන පරණ ඔළුගෙඩි වලට ඉහලින්. . .
(නියමයි!)
හැමදාම එකම විදිහට හිතන්නේ නැතුව අලුතින් හිතන්න පුලුවන් නම් නියමයි.
ReplyDeleteමම් කතාවට අහලා තියෙනවා අලුත් නිර්මාණයක් මුලින්ම ඇති වෙන්නේ සිතක කියලා.
මාර අදහසක් ........
ReplyDeleteඅති විශිෂ්ඨයි ..........
වෙනස් විදිහකට, අලුත් විදිහකට හිතන්න ඇත්නම් මොන තරම් හොදද...ඒත් ඉතිං..බැරිත් ඕකමනේ.
ReplyDeleteඅලුත් විදිහට හිතන ,පතන, දකින අයට, මගේ තියෙනවා ලොකු කැමැත්තක්.
සිරා..!!
ReplyDeleteමරු මචං
ReplyDeleteපඩිය කීයද කිව්වෙ?
ReplyDeleteඅලුතින් හමුවන හැමෝම
ReplyDeleteපරණ අච්චුවෙම තමයි.. :D
කලාතුරකින් එහෙම නොවන අය හමු වෙන්නෙ. ඔය ප්‍රශ්න වැලට උත්තර දීලම තිත්ත වෙලා තමා.
ළමයි එහම නැද්ද ? ඇයි තාම නැත්තේ ? දොස්තරකෙනෙක් හම්බවෙලා බැලුවේ නැද්ද ? අයි යකෝ තොටද මටද ළමයි ඕන වේලා තියෙන්නේ ?
ReplyDeleteතමන් තමන් වෙලා අනුන් අනුන් වෙන්න ඉඩ ඇරියනම් හරිනේ.
ReplyDeleteඒක නෙමේ "ඔයා කව්ද?"
අපූරු පද ගැලපුමක් ,..
ReplyDeleteවෙනස් විදියකට හිතන්න පුලුවන් නම්... බොහෝම හොඳ අදහසක්. ලස්සන පද ගැලපුමක්.
ReplyDelete'ඔයා කවුද' කියල නාහන මනුස්සයෙක් ආශ්‍රය කරන එක මාරයි බං........
ReplyDeleteම්..ම්...අලුත් ප්‍රශ්නයක්
ReplyDeleteසම්ප්‍රදාය
ReplyDeleteකෙල්ලෙක්ගෙන් නම් වයස අහන්න එපා! කොල්ලෙක්ගෙන් නම් පඩිය අහන්න එපා!
ඔයා කන්න ආසම මොනවද මෙයා
ReplyDelete