සමිඳ කිම
එකම කන්දක
සලකුණු කලේ
ඔබේ ශ්‍රී පාද සලකුණ
අපමණක් කඳු
තිබියදී දසත..
තිබියදී දසත..
එකම කන්දක හිමිකම
බෙදා ගන්නද අප කෙලෙස
අපේ මුදු සිත් සැහැසි වේ
ඔබේ සිරිපා පහස
අනෙකෙකු හිමිකමට
නතු වන කලට..
නැවත පැමිණෙන්න
සමිඳුනි ලොවට
ඉන්පසු වඩිනු මැන
මේ බුද්ධ රාජ්‍යයට..?
ලොකු කුඩා වූ සෑම
උස් කඳුමුදුනකම
තබා යනු පිණිස
ඔබේ සිරිපා සලකුණ..
ඡන්දෙන් බෙදා ගන්න දඟලාපු හිමිකම ලැබිලලු.....
ReplyDeleteස්වාමීනී
ReplyDeleteඑසේ වඬින සඳ
තබනු සිරිපා ලකුණු
මුඩු බිම් සොය සොයා
නොතබනු මැනේ
මැණික් ඇති
බිම් මතේ
අපෙ උන් පෙරේතයි
නිල් මැණික් ගල් වලට
හිමිසඳුනි මතකයීද
කෙළගත්තා
පුටුවකට
මැනික් ඇති
සිහසුනට
පෘතග්ජන මිනිස්සුනේ!
ReplyDeleteහ්ම්..අපි පොඩි කාලෙ මට මතකයි හාමුදුරු දෙනමක් නඩු කිව්ව ශ්‍රී පාදෙ භාරකාර කමට.
ReplyDeleteපිං පෙට්ටි ගැන තන්හාවට වෙන්නැති
පහුගිය ටිකේ ඔය කිමිකම බෙදාගන්න මාරම සටනක් නේ තිබ්බේ. මෙවුවට මොනා කියලා කියන්නද මන්දා. පෘතග්ජන මිනිස්සු !!!!
ReplyDeleteඅර ප්රශ්නාර්ථේ තියෙන තැන ගැන නම් කතා කරලා වැඩක් නෑ...
ReplyDeleteඒක නිසාම ආයේ බුදු කෙනෙක් මෙහෙට වඩීද කියලත් හිතෙනවා...
හොඳ වෙලාවට ඉන්දියාවෙ උපන්නෙ
ReplyDeleteකාලයයි නිදුකානනේ
ReplyDeleteදේශයයි නිදුකානනේ
මේ සියලු කුනු දුරැරලන්නට
ඔබම හැර අන් කවර පිහිටද
වඩිනු මැන නිදුකානනේ
මැණික්
මේ ඉතින් අබුද්දස්ස කාලේ නේ
ReplyDeleteමේ ලක් දෙරණ
ReplyDeleteරැක ගන්නට ඔබ යෙදෙවූ
උපුල්වන් දෙවියාද
සමිදුනි,
ඔය ඡන්දේ දවසේ
ඇමති වේසයෙන්
ඔතැන හිටිය
කොට හාදයා?
හරිම අරුත්බර පැදිපෙළක්....
ReplyDeleteශ්‍රීපාද භාරකාරීතවයට හාමුදුරුවරුන්ගේ ඇති කෑදරකම නිසාම අපේ රට සුද්දට යටත් උනා කියල කිව්වොත් වැරදි නැහැ
ජෝන් ඩොයිලිට සිංහල උගන්නපු හාමුදුරුවෝ(මට නම මතක නැහැනේ) එහෙම කලේ සුද්දගේ ආණ්ඩුව ආවට පස්සෙ පහත රටට ශ්‍රීපාදස්ථානයේ භාරකාරීත්වය ලබාදෙන බවට පොරොන්දු කරගෙනලු
ජෝන් ඩොයිලිගේ සිංහල හැකියාව හරහා සුද්දා ගිවිසුමෙන් රට අයිති කරගත්තට පස්සෙ ඒ විදිහට වැඩේ සිද්ධ උනාලු.
ඒකනේ අදටත් ශ්‍රීපාදස්ථානයේ අයිතිය සබරගමුවට තියෙන්නේ.
(මේ මම අහපු කතාවක්)
මේක මගේ මුල්ම කමෙන්ට් එක....
ලස්සන අර්ථවත් කවිපෙලක්! :)
ReplyDelete@ ලොකු පුතා,
ReplyDeleteරත්නපුරේ පැත්තෙ කට්ටිය නං කියන්නෙ ඒගොල්ලො උඩරට කියල.
අපි නම් එහෙම කියන්නේ නැ
Delete