ඉවරයක්ම නෑ මේ වැඩ
හෙට තියෙනව දේශනයක්
“ජාතික චින්තනය” නමින්
කතාව යන්තමි හැදුවා
දැන් වෙලාව රෑ දොළහයිනෙ
රට බෙදන්න දෙන්න බැරිය
හමුදාවට කොල්ලො ඕනි
අපේ ළමයි ඉගෙන ගන්න
හරි හපන්නු ගොන්නු නෙවෙයි
උන් තැනකට යන්න ඕනි
යුද්ධෙට යන්නට බැරියැයි
ඔය ගම්වල බයියලාට
ඒක නිසා දේශණයට
ලොකු වගකීමක් තියෙනව
ජාත්‍යාල හිත් ඔක්කොම
කීරි ගැහිල යන්න ඕනි
එතකොට එයි ගම් බයියෝ
හිටු කියල රොත්ත පිටින්
අනිද්දාට තව එකක්ය
“දේශීයත්වය අගයමු”
ලේසි නෑනෙ ඒක වුණත්
ගොවියන්, වෙද්දුන් ඔක්කොම
මුරුංග ගස් නග්ගන එක
හිතල මතල දෙන්න ඕනි
ඇඩෙන පහේ දේශණයක්
එහෙම වුණොත් ගම්බයියන්
ප්‍රශ්ණ නගන්නේ නැහැමයි
එහෙම බැරිවුණොත් ඉවරයි
ගම් ගොබිලන් විමසනු ඇත
ලොකු කොල්ලා වෙදෙක් නොකර
දොස්තරයෙක් කලේ මොකද?
පොඩි කොල්ලාවත් කුඹුරට
එවන්න තිබුණා නොවේද
එංගලන්තෙ යැව්වෙ මොකද?
කොහොම වුණත් අවුලක් නෑ
ගම් බයියන් නොවන නමුත්
මා කියන දේ අදහන
මගේ ජීවිතේ නොපෙනෙන
ඉගෙන ගත්ත ගෝල බාල
පිරිවර ගෙනයයි මගෙ නම
විද්වත් මහ සභා වලට
ඉන්න ඕනි අන්න එහෙම
අනුගාමිකයෝ කොතැනත්
මා කියනා දේ අදහන
මගේ දෙබිඩි ලොව නොපෙනෙන
“ඇයි ඩාර්ලින් මේ මහ රෑ”
“පොඩි දූගෙන් කෝල් එකක්
කැනඩාවට අයිස් වැටිල
හරිම ශීතලයි කියන්නෙ”
“ඔව්ව ඔහොම තමයි අනේ
මෙහෙ ඉඳලා වැඩක් නෑනෙ
ලෝකෙ එක්ක ගැටෙන්නනම්
ඉගෙන ගන්න වෙනව එහෙදි
මෙහෙ ආවම තැනක් ගන්න”
කතා කරන්නට වෙලාව
දැන් නෑ මට ඔයා යන්න
මට හිතෙනව පමා නොකර
“විනාශකාරී බටහිර
චින්තනයේ ආදීනව”
නිබන්ධනය අද රෑවත්
අහවර කරලා දාන්න..
“යනකොට ඔය ඒසී එක
ඕෆ් කරල දාල යන්න”
ගුඩ් නයිට් ඩියර්
එහෙනම් දැන් ඔයා ගිහින්
නිදාගන්න මම එන්නම්..
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන ඩෝ!
ReplyDelete//ලොකු කොල්ලා වෙදෙක් නොකර
ReplyDeleteදොස්තරයෙක් කලේ මොකද?
පොඩි කොල්ලාවත් කුඹුරට
එවන්න තිබුණා නොවේද
එංගලන්තෙ යැව්වෙ මොකද?//
මූව මට මුණ ගැහුනොත් , දෙවෙනියට අහන ප්‍රශ්නය ඕක ,
මුලින්ම අහන්න තියෙන්නෙ ඕක හදපු ගනන් පේපර් එකක (කට්ටිය කියන්නෙ හැදුවෙමූ කියල ) ගාණ පැය 1/2 හදන්නෙ කොහොමද කියල
අපුරු පද්‍ය පන්තියක්...
ReplyDeleteඅමතක වී ඇති බැවින් |
ReplyDeleteසිහිපත් කරන්නම්
පිරිවදන් පෙළ
ද්විකෝටිකය පරයා
චතුස්කෝටිකය ඉස්මතු නොකරන
බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි ඊනියා විද්‍යාවේ
[G. J. C. Western Science]
බැලයන්ට හා ඊනියා උගතුන්ට
නියමයි...
ReplyDeleteහෙහ්...හෙහ්...තනි ඇහැට ඇඬේනව....
ReplyDeleteසුදු රෙදිවලින් වහගෙන ඉන්න මුලාව, ලස්සනට එළියට ඇද දාලා.
ReplyDeleteඔලුවෙං හිටගෙන කිව්වත් වැඩක් නෑ පිටස්! :(
ReplyDelete@කොකාවල
ඔබටද වෙන සරණක් නැත!
කවුද අනේ මේ චින්තක?
ReplyDeleteමම මේක දෙපාරක්ම කියෙව්වා. ඒත් කා ගැනද කියලා තියෙන්නේ කියලා හිතාගන්න බෑ.
ReplyDelete@ ඊමේල් කවිකාරි & මධුරංග
ReplyDeleteඑක් අයෙක් කෙළින්ම ඉලක්ක කිරීමක් නෙවෙයි. ජාතික චින්තනය, දේශීයත්වය,දේශප්‍රේමය වෙනුවෙන් කෑ මොර දෙන ගොඩක් අයගෙ සැබෑ ජීවිත ඔය වගේ දෙබිඩියි තමයි.
(ඒත් ජාතික චින්තනය කියන වචනය ඇසු පමණින්ම ගොඩක් අයට මතකෙට එන ප්‍රධාන පුද්ගලයො කිහිප දෙනෙක් ඉන්නවනෙ. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වගේ අය.)
තනි අලියෝ;
ReplyDelete[[@කොකාවල
ඔබටද වෙන සරණක් නැත!]]
මං ලිව්ව එක තේරුනාද මන්දා...
@ තනි අලියා
ReplyDeleteසුජීව කොකාවල ලියා ඇත්තේ ජාතික චින්තක නඩය ගැන වැඩිදුර පැහැදිලි කිරීමකි. බටහිර විද්‍යාව දැඩිව විවේචනය කරන ජාතික චින්තකයින් එය හඳුන්වන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සම්භවයකින් යුතු බවය. එසේම ද්විකෝටිකය පරයා චතුස්කෝටිකය ඉස්මතු කරන කතාවක්ද කියන නමුත් එහි තේරුම කුමක්ද යන්න ගැන අවබෝධයක් නැත. :)
@ කොකා (ජොලියට එහෙම කිව්වෙ! කමක් නෑනෙ :) )
ReplyDeleteමම හිතන්නෙ යන්තං මීටර්.
@අවුට්සයිඩර් - කරුණාකර ද්විකෝටිකය හා චතුස්කෝටිකය කියන දේවල් ගැන පොඩ්ඩක් හඳුන්වන්න පුලුවනිද? (එ් අයකියන විදියට).
මොකද මමත් අවුරුදු දෙකෙන් ඉගෙනගන්න තියන එක අවුරුදු හතරක්ම ඉගෙනගත්ත උනාට ඔහොම වචන මම ඉගෙනගත්ත විද්‍යාවෙදි හම්බවෙලා නැති නිසා
අලියටනං කියන නොම්මර එකේ ප්‍රශ්ණෙ තමයි විද්‍යාව ("බටහිර විද්‍යාව") එක්ක ඔච්චර අප්සට් කට්ටිය එේකෙන් හදපු බ්ලොග්, ෆේස්බුක්, වෙබ් සයිට්, ect ect පාවිච්චි කරන්නෙ, අැතැම්විට විද්‍යාව විවේචනය කරන්නම එ්ව පාවිච්චි කරන්නෙ අැයි කියන එක!
@තනි අලියා - උඹල අපි වගෙ බටහිර ක්‍රිස්තියානු චින්තන ක්‍රමයේ වහල්ලුන්ට චතුස්කෝටිය තේරුම් ගන්න බැ . කොහොමටත් චතුස්කෝටිය ගැන හරියටම දන්නේ ප්‍රෆෙසරයයි නාථ දෙයියොයි විතරයි
ReplyDeletehttp://lankacnews.com/sinhala/news/41298/
ReplyDeleteචතුස්කෝටියේ නිර්මාතෲ පැන්සොන් ගිහින් (ලොකු දෙයක් ), දැන් ඉතින් නාථ දෙවියන්ගෙ සප් එක් කැලණික කැම්පස් එකට නැතුව යනව . අපේ ටැබු මහත්තයටත් ෆුල් හැපි ඇති
@බුවා -අපටත් සතුටුය, ට්කක්! පෙරදිග විද්‍යාවෙං අනිත් පැත්තට නාකි වෙන ක්‍රමයක් හොයාගත්තනං වැඩේ ගොඩ.
ReplyDeleteඅන්තිමට ඉතින් ගමේ බයියලා ට තමයි හැමදේම වෙන්නේ
ReplyDelete@තනි අලියා
ReplyDeleteද්වි කෝටිකය හා චතුස්කෝටිකය කියන්නෙ තර්කන විධි දෙකකි. මේක පහදා දෙන්න මට එච්චර දැනුමක් නැති වුණත් සරල අදහසක් ගන්න මෙහෙම කියන්නම්.
සාමාන්‍යයෙන් මේසයක් සහ පුටුවක් තියෙනවනම්
මේසය මේසයකි
පුටුව පුටුවකි, ලෙස හඳුනා ගැනීමේ න්‍යාය ද්විකෝටිකය ලෙස සලකන්න. එය ස්ථාවර දේවල් සම්බන්ධයෙන් පවතින ස්වභාවයයි.
ඒත් ඊට අමතරව තර්කනයේදී අපිට මේ මේසය සහ පුටුව ඇසුරින් තවත් තර්කන අවස්ථා දෙකක් තැනිය හැකියි, ඒ
මේසයවත් පුටුවවත් නොවේ
මේසය සහ පුටුව එකක්මය, යනාදී වශයෙන්. මේ අවස්ථා හතරම ඇතුළත් තර්කන න්‍යාය චතුස්කෝටිකයයි.
එවිට චතුස්කෝටිකය තුළ ද්විකෝටිකයද අන්තර්ගතය.
මේසය පුටුව වැනි එදිනෙදා අත්විඳින සරළ කරුණු ද්විකෝටිකයෙන් තේරුම් ගැනීමට හැකිවේ. එහෙත් එදිනෙදා අත්විඳින සාමාන්‍ය කරුණු හෝ සාමාන්‍ය වස්තුන් නොවන දේවල් හෝ විග්‍රහ කිරීමට පැහැදිලි කිරීමට ද්විකෝටිකයෙන් නොහැකි බැවින් චතුස්කෝටිකය යොදා ගැනේ. ආගමික දර්ශණයක ඇතැම් කරුණු එසේ ද්විකෝටිකයක් විදියට තේරුම් ගත නොහැක. එසේම සාමාන්‍ය වස්තූන්ගෙන් වෙනස් වස්තූන් ගැන නිරීක්ෂණය කරන ක්වොන්ටම් භෞතිකයේදීද චතුස්කෝටික න්‍යාය යොදා ගන්නා බව කියයි.
මීට වැඩිය මේක පැහැදිලි කරන්න මගේ දැනුම මදි. මා යොදාගත් උදාහරණය දුර්වල ඇති. ඒත් එයින් මේ දෙක ගැන සරල අදහසක් ගන්න පුඵවන් වෙයි කියල මට හිතෙනව. එසේ නොවන්නේනම් සමාවෙන්න.
@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඔබටත් එසේම වේවා!
යම් තරමකට ක්ලික් විය
ReplyDeleteසුභම සුභ නව වසරක් වේවා :)