Sunday, 1 May 2011
ඔක්කොටම මුල..?
දිනූ හැම දේමත්
පැරදුණු සියල්ලත්
උගත් හැම දේමත්
පෙම් බැඳුම් ඔක්කොමත්
දරුවන් හැදීමත්
ගේදොර තැනීමත්
අයිතිකරගත් සියල්ලත්
සතුට වුණු හැමදේත්
දුකින් පිරවුණු සියල්ලත් .. ?
කාලයේ හිඩැස් පුරවන්න
දවස පුරා
ජීවිතේ පුරා
කරන ලද දේම බව
වැටහී අද හිතම
කුසීතව ඔත්පලව..?
Subscribe to:
Post Comments (Atom)
ගැලවෙන්නට සිතෙයි එවිට
ReplyDeleteඔය බැඳීම් සියල්ලෙන්
කුසීතව හිඳ නැවත
බැඳීම් වලට ලොල්ව
ජීවිතයට එන තුරු
හිස් බව යථාර්තයයි. එහෙත් ඊට එක එල්ලේ මුහුන දීමට අපි කවුරුත් බයයි. ඉතින් පුරවමු මේ හිස් බව නෙක නෙක දෙයින් නොනැවතී.
ReplyDeleteමැණික්
කාලෙකට පස්සේ අලුත් post එකක්. අපූරු අදහසක් යාළු
ReplyDeleteකුසීත උනත්,මක් කොරන්නද දැන් හදාගත්තු ඒ බැඳුම් වලට
ReplyDeleteමටත් ඔය දේ තේරුම් ගිහින් හුගක් කල්.
ReplyDeleteඒත් මැරෙන කල්ම කරන්න වෙන්නෙත්..ඔය ටිකම තමයි.
අනේ..මන්දා...