කවුද මේ වන පෙත
සැඟවී දැහැනකට වැද
ටිකක් මතකයි සෘජු කය
ආරෝහ පරිනාහ දේහය
“අඳුනන්න බැරිද ඇත්තට
මඛාදේවය මම”
හෝ හෝ රජකම අතැ’රැ
පලා ආ හාදයා නේද මේ
නරකෙසක් හිස දැක
“තපසේම
ඉන්න බෑ හැමවිට
පාඵයි හිතට වන පෙත
මොහොතකට හෝ යා නොහැක
ආපසු නගරයට
සංසාර දුක එහි අපමණ”
උපන්දා සිට ඇති
සසර දුක අපට පුරුදුය..
ඵෛස්වර්යය මැද
එදුකෙන් සැඟව හිඳි කල
අමතක කලේ කිම
ප්‍රත්‍යන්ත දේශයෙහි
මිනිසුන් දිවා රෑ
පෙළනා සසර දුක් කඳ
නරකෙසක් හිස මත
කොයිතරම් සුඵ දෙයක් වෙද
පලා ආයේ කිමද මුග්ධය
ජීවිතෙන් තොප..
එනු නැවත නුවරට
මුහුණට මුහුණ දී
සසර දුක් කඳ වෙත
විඳ දරා මුහුණ දෙනු
ජීවිතය පණ ගහයි
ජනී ජනයා මැද..
දහදිය හෙලන
ReplyDeleteදුක් කඳුළු වගුරන
ජනීජනයා මැද
සොයනු විසඳුම් දුකට
සසර මහ දුකක් යැයි
ReplyDeleteඉපදුම නවතවා
සසරින් පලා යාමට වඩා
නිවිය නොහැකි ඒ මහ දුක
ටිකක් හෝ අඩු කරන්නට
වඩා යහපත් හෙටක්
තනන්නට වෙහෙසීම අගනේ
කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
සැමට දුක අඩු වනු ඇත
පවත්නා ක්‍රමයෙහි
ReplyDeleteඇතේ යැයි දාහක් වැරදි
එය කඩා බිඳ දමනවාට වඩා
අසාධාරණ වූ එම ක්‍රමය තුල
මිනිසුන් දැනුමින් පුරවා
තරමක හෝ සාධාරණයක්
තනන්නට වෙහෙසීම අගනේ
සර්ව සාධාරණ නොවුනද
අසාධාරණය අඩු වනු ඇත
ඛවුද මේ මඛාදේව කියන්නේ ?
ReplyDeleteජාතක කතා සංග්‍රහයේ තියෙන මඛාදේව ජාතකයේ සිටින රජතුමා මඛාදේව වේ.
Deleteජීවිතය පණ ගහයි
ReplyDeleteජනී ජනයා මැද..
කවි වලට හොර වුනාට, නිකමට හරි කියවල බලනව. ඒ වුනත් කොහොම හරි මේක මිස් වෙලා මට. නව අර්ථ කථනයක් වගෙයි මගෙ නැණ නුවණ හැටියට නං තේරුනේ ...හෙහ්..හෙහ්...
ReplyDeleteමේ රජගොල්ලෝ මේ කාලේ නැද්ද හැබෑට?
ReplyDelete