සියවස් ගණන්
රජවරුන්ගේ
ශ්රී විභූතිය වෙනුවෙන්
හිඳ ඔවුන් ඇසුරේ
වෙහෙසක් දැනෙනවා ඇති
දළඳා හිමියනි
ඔබට අපමණ..
ධනවත් කුළවතුන්ගේ
භුක්තියට සරිවුණ
ආඩම්බරකාර තේවාව
එපාවී ඇතැයි හොඳටම
නොසිතා ඉන්නෙ කොහොමද?
පීඩක බලවතුන්ගේ
බැල්මටම නිතර හසුවන
ඔවුන්ගේ කිළිටි හදවත්
දැක දැකම වැඩ හිඳින
ඔබට වෙහෙසක් නැතැයි
සිතන්නේ කෙලෙසද?
දුර ඇසෙන බෙර සක් හඞ
වයන මිනිසුන්ගේ
දාඩිය ගෙනෙන සුවඳට
ඈත ගොවි බිම්වල
මහ පොළොව අස්වද්දන
මිනිසුන්ගේ නොහිම්
මඩ සුවඳ ගෙනෙන සුළඟට
ආශා හිතෙනවා ඇති..
ස්වභාවික දේ අතර
ස්වභාවික හදවත් ළඟ
ළංවී හිඳින්නට
කැමැත්තෙන් ඇති ඔබ
සියවස් ගණන්
සිර කර හිඳින කල
මාළිගාවක..
ඇත්ත කතාව...
ReplyDeleteඇත්තට මෙහෙමත් හිතෙනව ඇතිනේ....
ReplyDeleteපීඩකයින් දුෂකයින්
ReplyDeleteවැඩියෙන් ගැවසෙනා
තැනෙක වැඩ හිඳින්නට
පිළිකුලෙන්
නැවතත් වරක්
කුරහන් ගලක් යට
සැඟවෙන්නට
සිදුවේනම් අරුමයක්ද ?
මං හිතන්නෙ දලදා හාමුදුරුවො ඔතන නැහැවෙන තැනක ඇත්තෙ...
ReplyDeleteඑ් කතාවත් හරි!
ReplyDeleteනන්දා මාලිනී ගයන සින්දුවක් මතක් වුනා. [අර වැටෙන් පැනල සිරිමා බෝධිය වඳින කට්ටිය ගැන එහෙම තියෙන එක]
ReplyDeleteසහතික ඇත්ත කතාවකි !!!
ReplyDeleteඅවුරුද්දකට සැරයක් දංවැල් දාපු අලි ගොඩකුයි, දාඩිය දාගෙන නටන, බෙරගහන මිනිස්සු ගොඩකුයි, මැද්දෙ යන්ඩ වෙන එක ගැන දුක්වෙනවත් ඇති...
ReplyDeleteදළදා හිමියන්ටවත්
ReplyDeleteකැමැත්තට නැති නම් ඉඩක්
අපේ කැමැත්තට
දළදා හාමුදුරුවන්ගේ
පිහිටයි..!
සම්පූර්ණ ඇත්ත
ReplyDeleteවික්ටර් රත්නායක සහ රත්න ශ්රී විජේසිංහ කළ ගී නිර්මාණය මෙහෙම තියනවා
" පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න"