යක්ෂයාගේ මහඟු තිළිණය
මට ලැබිණ 'දෙනෙතු' ලෙස
සකලවිධ බහුරූ සොයා
මගේ මනසේ ගොඩ ගසන
මා මුළාවේ හෙලන...
වසාගෙන නෙතු පියන්
එම්බා දෑස යොමුවනු
ඇතුඵ හදගැබ වෙතට
එතුළ සිද්ධස්ථානයට...
එහි ඇති සෞන්දර්යය
මැද අසනු දැන්වත්
ජීවිතේ ගයන හැටි
නිහඞතාවේ ගීතය
දෙවියන්ගේ මහඟු තිළිණය...
මේ දෑස මක්කටද? කියලා තේරෙයි ඔය දෑස නොතිබුනා නම් එහෙම. :)
ReplyDeleteඅගේ ඇති කවි පෙළ අයියා
නොතේරින... :(
ReplyDeleteනෙතු පතන
ReplyDeleteමනකල් දසුන්.....
වේ නැණැස
බිඳිනා රුපුන්...
දෑසින් නොදුටු ඔහු
ReplyDeleteදකිමි මම හදවතින්
එතරම් සොඳුරු දසුනක්
දැක නොමැත මා මිහිපිට.
....ඉතින්...මේ දෑස් කුමටද???
කියන්න හදල තියෙන්නෙ මසැසෙනුයි, මනසිනුයි යමක් දකින ආකාරයේ වෙනස කියලයි මම තේරුම් ගත්තෙ. හැබැයි එහෙම බැලුවම පද වල පොඩි අවුලක් තියෙනව කියලත් හිතෙනව.
ReplyDeleteඅර රන්දිල් අක්ක කිව්ව වගෙ ඔහොම කියයිද දෑස් නැති උනා නම්...
ReplyDeleteවෙනස්ම අදහසක්
මේ දෑස මක්කටෙයි කිව්වලු... :)
ReplyDeleteවචන ලස්සනයි... හොඳට ලියලා තියෙනවා...
@ සොරෝ - ගොඩක් සරල දෙයක් මට හිතුණ. ඇස් වලින් දකින දේවල් අනුවත් අප තුල ගොඩක් වෙලාවට අපේ සිතුම් පැතුම් ආශාවන් ගොඩනැගෙනව. සමහර විට ඇස් දෙක බාහිර ලෝකයට යොමු නොවේනම් සිදුවේයැයි සිතෙන දෙයක් පමණයි. බැරෑරුම් විදියට හිතන්න එපා සහෝ...
ReplyDelete@ ඉසිඹුව - මසැස තමයි මම අදහස් කලේ. ඒත් මනසින් දැකීම ගැන එතරම් අදහසක් මම සිතුවෙ නෑ. ඒත් කවියකින් ගොඩක් වෙලාවට සිද්ධාන්ත ප්‍රකාශ කරනව අඩුයි. ඒක නිසා ඔබ කියන පද අවුල මට තේරෙනව. කවිය ගොඩක් විට අභව්‍යයි. පරිකල්පනයක් විතරයි. ව්‍යංගාර්ථයක් විය හැකියි.
අගෙයි..
ReplyDelete