Tuesday, 15 June 2010

යථාවබෝධය..


                           ඇමදුවත් අලුයමෙහි මිදුලම
                           නැති ලෙසට තුරු පතක් ශේෂව
                           තිබේ හවසට පුරා එමිදුල
                           වියළි පත් තව සලා   ගහවැල...

                           ඇමදුවත් හෙට අලුයෙමේ යළි
                           වැටී තුරුපත් මිදුල සැමතැන
                           නැවත නැවතත් අපිරිසිදුවේ
                           ලොවේ පුහුදුන් සිතක් විලසට...

12 comments:

  1. ලස්සන උපමාවක් හරිම කලාත්මකයි. අපූර්වාකාරයෙන් මිනිස් සිත ගැන කියල තියෙනව.

    ReplyDelete
  2. ජීවිතය වගේම අපේ සිතත් එහෙමයි. හැමදාම එය අළුත් කල යුතුයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සදාකාලිකවම පිරිසිදු කරන්න විදිහක් නැද්ද හැබෑට..... (ගහ කපල දැම්මොත් ??? )

    අපූරු අදහසක්.... ලස්සනයි කවිය !!!!

    ReplyDelete
  5. උපහැරණය නම් අගේ...

    ReplyDelete
  6. හ්ම්ම්ම්... ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  7. වෙනදා වගේම හිතන්න යමක්...ස්තුතියි

    ReplyDelete
  8. ගහ කපන්න බැහැනේ චමිල මල්ලියේ... වැටෙන කොළත් එක්ක අමනාප වෙලා ගහ කැපුවම .. හිටපන්කො අවුවට වෙලා ...

    ReplyDelete
  9. අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාට ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.