බොහෝ කලකට පසු කිසිවෙක්
ජීවිතේ දොරට තට්ටු කරනා හඞ ඇසී
දොර හැරිමි පිළිගෙන ඒ අමුත්තා
දොඩමඵ වීමි ඔහු සමග සිත්සේ
දුක පිරුණු මතක ගබඩාවම හැරිණ
ඔහු අසා සිටිනා සඳෙහි..
ඉදින් මා නිදහස්ව සතොසින
ඔහු වතගොතද විමසිමි විටෙක
ජීවිතය හිස්ව ගිය ඒ වතෙහි
කටුක දුක් පැල්ලම් ඇතත්
හඳුනගන්නට නොහැකි විණි මට හරිහැටි..
සෙනෙහසක් ගලා ආ ඒ හදට
ජීවිතය දෙන්න මට සිතුණමුත් යම් විටෙක
සිතුවිලි පැමිණ මා මනස තුළ
ජීවිතය වෙනුවට ඔහුට
ජීවිතයක් දෙන්න යැයි පැවසීය
එහෙත් එය පතන බව ඔහු මගෙන්
මනස මට පැවසීය කිරා මැන
එබැවින් තව තවත් ලුහුඞු කොට
සුඵ යමක් දී සැනසෙන්න
මනස මට පැවසීය නිබඳව..
මා කුමට දෙනු ඔහුට කිසිවක්
එය රැගෙන යනු නිසැක සමුගෙන
ඔහුට හිමිවී ඇති ලොවට
මනස මට පැවසීය නැවතත්..
මා මගේ මනස තුළ
තුලාවක් ගෙන ඔහුව මනිනා කල
ඔහු වැරැදි මට පෙණින අපමණ..
ඒ කිසිත් නොදත්මුත්
හදවතේ බර පමණක් ඇති ඔහු
කටුක දුක් පැල්ලම් සහිත මුහිණින
සිනහ වී නික්ම යනු මා දුටිමි...
මනින එක කෙසේ වෙතත් තුලාදණ්ඩක් කෙසේ නම් සොයගනිමුද සමබර....
ReplyDeleteදීමෙන් ලැබෙන සතුටට හිත වහල් උනොත්
ReplyDeleteඔවන් ගැටළු ඇති නොවේවි කවදාවත්
මනිනු අනවැසිය කිසිවකු කොහොමටවත්
වස්තුව නැති වුවත් සිත තුටු වේ කොහොමත්
අනේ මන්දා...
ReplyDeleteදැක්වූ අදහස් වලට මගේ ස්තූතිය පිළිගන්න.
ReplyDelete