සැඟව යමි මම ඇසැ'ර
ජීවිතේ එළිය තුළ...?
අඳුර මැද දුක පිරුණ
පුඵල් ලෝකය අතැ'ර...
මවා දෙයි මට සිහින
සුවැ'ති ජීවන කුටිය..
වසාලමි දොර කවුඵ
ලෝකයට විවර වුණ..
දිනක විවරව බලා මා දෙස
ලොවේ භෞතික දෑස් අපමණ
ලොවේ භෞතික දෑස් අපමණ
කියයි මේ ලෙස වෙලී මෝහෙන්
'ඌත් මිනිහෙක් වෙලා' එහෙනම්...?
ඔබේ අඩවියට... මගේ මුල්ම ආගමනය.
ReplyDeleteඉතාම සියුම් විදියට උපහාසාත්මකව, යථාර්තය පෙන්වා දෙන්න ගත් සාර්ථක උක්සාහයක්.
කවියෙහි සාර්ථකත්වය...ඔබගේ පරිණත භාවයයි.
ජය වේවා....
ලෝකයේ ඇස් මිම්මෙන් "මිනිහෙක්" වෙන්න නම් උඹ අපි මේ ගතකරන ජීවිතයේ බොහෝ දේ සහ බොහෝ සිතුවිලි කැප කරන්න වෙයි නේද මචන්.
ReplyDeleteලස්සනයි නිර්මාණය.
ගොඩක්ම ලස්සනයි.
ReplyDelete"වසාලමි දොර කවුළු
ලෝකයට විවර වුන"
ඇත්තටම මටත් ඕනෙ ඒක