Thursday 27 October 2011

පළඟැටියන් තෙමන වැස්ස



වැසි වැටෙනා අතීතයක
තෙමී හඞන පළඟැටි හඞ
ඇසෙන විටදි සුව කුටියක
සතුටු වුණා මම අපමණ
පළඟැටියෙක් නොවීම ගැන..

එහෙත් මෙන්න ඇද හැලෙනා
මහ වැස්සේ අද තෙමෙනා
පළඟැටියෙක් වෙලා මමත්
අන්න පෙනේ වැසුණු ගෙවල්
ඇතුළත උණුසුම පවතින..

පළඟැටියන් තෙමී නසින
හාංකවිසියක් නොදන්න
මිනිසුන් නින්දේ ගොරවති
ඒක තමයි සිස්ටම් එක
ජීවත්වන 
ඇස් පියාන
හෙණ ගැහුවත්
ඇස් නෑරෙන..

10 comments:

  1. සහතික අැත්ත! :(

    ReplyDelete
  2. කතාව නම් මසුරන් වටිනවා. සමහර මිනිස්සු ජීව්හත් වෙනවා අනිත් අය උන්නද මලාද කියලා දන්නේ නෑ. ඒක ඒ අයට පේන්නේ තමනුත් ඒ තත්වෙට වැටුනම තමා.

    ReplyDelete
  3. හ්ම්...මක්ක කරන්නද ඉතින්..

    ReplyDelete
  4. etta thamai...but I don't see any fault of that..because duka neti thana sapak ne wagema sapa neti thena dukakuth ne...duppatha nethi thana posath kamak ne wagem...posatha neti thena duppathekuth ne....all exist relative to other :)) but real problem lies with our own souls...(panditha wadida manada)

    ReplyDelete
  5. කොච්චර බණ ඇහුවත් අනුන්ගේ දුක තමන්ට තේරෙන්න නම් ඒ දුක විඳින්න ඕන.

    ReplyDelete
  6. තවත් වෙනස්ම දැකීමක් ......
    එලා ..

    ReplyDelete
  7. දුක් විදින්න නම් දුප්පතෙක් වෙන්න ඕන උනත්, දුක හිතෙන්න...දැනෙන්න .. දුප්පතෙක් වෙන්නම ඕන නෑ කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete
  8. තම තමන්ගෙ කුටුම්බ වල හිර වෙලා නෙවෙයිද අපි හැමෝඅම ඉන්නෙ....ආත්මාර්ථය තම සැබෑ යථාර්ථය.....ඒක පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කාරනයක්....100% අනුන් ගැන හිතනවනම් එය 100% ම මිනිහෙක් නෙවෙයි....

    ReplyDelete
  9. පලගැටියන්ට එහෙම තෙමි තෙමි ඉන්න ඒක සැපයි ගෙවල් ඇතුලට ඇවිත් උණුසුමේ ඉන්නවට වැඩිය මලේ !

    ReplyDelete
  10. කොය් තරම් පලඟටියො තෙමෙනවද, සමහර පලඟටියො ආලෝකය නිසා විනාස වෙන අතරෙ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.