Tuesday 25 May 2010

මරණය


මාත් සමගම ඉපිද
මාත් සමගම වැඩෙන
මා නිවුන් සොහොයුර...

නොමැති වීනම් නුඹ
කාල අවකාශ තුල
උදාසීනව මා නිදනු ඇත
පාෂාණභූතව....

නිබඳ මා ළඟ රැඳී
"අතිමහත් සාරයම
පෙරාගනු ජීවිතේ"
කියන්නට අන් යමෙක්
කොහිද මේ තුන් ලොවේ...

10 comments:

  1. අනේ ඔයා හැමදාම දාන බොහොමයක් ලිපි කියෙව්වාම මට හිතෙන්නේ එකම එකයි.

    "ඒකත් බලාගෙන ගියාම ඇත්ත තමයි/නේද?"
    ;D

    ReplyDelete
  2. RanDil ට/

    මේකනෙ අක්කේ...මේ පිටස්තරයා ( නම නොදන්නා නිසා ) යාථ්ර්තය පිළිබඳවා හුගාක් අවබෝධයෙන් ඉන්නෙ කියලයි මට හිතෙන්නේ. ඔහු ලියන වචනයක් පාසාම තියෙන්නේ පණිවිඩයක් නැත්තම් හිතන්න යමක්.

    එහෙම අය මේ සමාජයේ බොහෝම අඩුයි.එහෙම නේද අක්කෙ ?

    ReplyDelete
  3. කවුද මේ නිවුන් සොහොයුරා? තමන්ගෙම හිතද?. මට නම් තේරුනේ එහෙමයි.

    ReplyDelete
  4. මමත් හිතන්නෙ හිත තමයි මේ කියන නිවුන් සොහොයුරා. අපි හරිද පිටස්තරයා.

    ReplyDelete
  5. නෑ නෑ හෙඩිමට දැන්මෙ එයාගෙ නම තමයි.

    ReplyDelete
  6. පිටස්තරයා ! සුන්දරයි ඔබේ වචන පෙළ, මරණය සේම !!!

    - දුමී

    ReplyDelete
  7. හඬා ගෙන මේ ලොවට එන විට
    සිනාසී ගේන මඟ බලා
    සිනාසී මේ ලොවෙන් සමුගමි
    දෙනෝ දාහක් අඬවලා

    ReplyDelete
  8. අදහස් දැක්වූ මිතුරනි, ඔබ සියඵ දෙනාට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  9. සිරා මචං! මම දැනගෙන හිටියෙ නෑනෙ උඹට මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් කියල.එළ එළ!!

    ReplyDelete
  10. ස්තූතිය බ්ලොග් ගඩොල්..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.