ආදරයේ ඇතුල් පැත්ත...
මවක් හෝ පියෙක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
පරිත්‍යාගය අනත්..
සොහොයුරෙක් සොයුරියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
මගේ යැයි හැඟීමක්..
යහඵවෙක් යෙහෙළියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
බෙදාගැන්මේ සිතක්..
දේශපාලක සතෙක්
ආදරෙයි කියයි නම්
එතුළ සැඟවී තිබේ
සටකපට කැත හිතක්..
අනිවා
ReplyDeleteසාතන් කිව්වොත් හැම කෙනෙක්ගෙම ලග තමුන්ට හොඳයි කියල හිතෙන රිටන් එකක් ගැන බලාපොරොත්තුවක් තියෙනව කියල...
ReplyDeleteඅප්පේ ඕව්
ReplyDeleteසහතික ඇත්ත බන්
ReplyDeleteඔව්,කෙනෙක් පපුවට ගහගෙන මේ මගේ මවුබිම,මම ඒකට ආදරෙයි කියලා කෑ ගහන්නේ,ඒක විකුනගෙන කැමේ එකම උරුමය තමන්ට තියෙනවා කියල හිතෙන නිසානේ.
ReplyDeleteඔය කොතනත් පොඩි හරි ආත්මාර්ථයක්, මමංකාරයක් ගැවිලා තියෙනවා නේද? අර සාතන් කිව්වා වගේ.
ReplyDelete@සාතන් & හිරණ්‍ය
ReplyDeleteඔබ කියන දේ ඇත්ත. සාමාන්‍ය මනුෂ්‍යයෝ තුළ නිරපේක්ෂ අගයක් නෑ.
සාපේක්ෂ අගයකින් විතරයි මෙහි කියන දේ සත්‍ය වෙන්නෙ.
සහතික ඇත්ත.
ReplyDeleteඅඩුම තරමේ..එහෙම නැති එක් කෙනෙක්වත්...ඇද්ද...
තාත්තයි සහෝදරයයි
ReplyDeleteහැර ඕනෙම පිරිමියෙක්
ලන්වෙයිනම් කෙල්ලෙකුට
කෙල්ලේ ඒ හොදකටනම් නෙවෙයි
(මේ අදහසත් ඕකටම දැම්මනම්)
පෙම්වතෙක් පෙම්වතියකට ආදරේ කියයි නම්??????
ReplyDelete??????????????????????
@Gimhani
ReplyDeleteඑතුළ සැගවී තිබේ
අයිතිකරගැන්මේ සිතක්...
හ්ම්හ්ම්. මමත් හිතුවෙ පෙම්වතෙක්ගෙන් කෙළවර වෙයි කියලා- අර කිව්වත් වගේ අයිති කරගන්න සිතක්නෙ. :D හැබැයි ඊට වඩා හැමෝටම බලපාන ප්‍රශ්නයක්. සිත්කළු රචනයක්.
ReplyDeleteආදරවන්තයෙක් සහ ආදරවන්තියක් කියන එක ලියලා නැත්තේ මොකෝ????...:D
ReplyDelete@Podi Kumarihami
ReplyDeleteඒක උඩ කොමන්ටුවක් විදියට ලියල තියෙනව. ඒ ටිකත් කවියෙ ලිව්වනම් අවධානය යොමුවෙන්නෙ ඒකටයි. අපේක්ෂා කලදේට අවධානය යන්නෙ නැතිවෙයි කාගෙවත්.