පසුගිය සතිය තුළ සිදුවූ හද කම්පා කල සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් මේ සටහන ලියන්නට හිතුණ.
පළවෙනි සිදුවීම කඵතරදී මවක් සිය දරුවා ගඟට විසිකිරීමයි. අනෙක් සිදුවීම ත්‍රිකුණාමළයේදී පොලිසිය විසින් මහ රෑ වරෙන්තුකරුවෙකු සොයා ගොස් අහිංසකයෙකු වෙඩිතබා මරා දැමීමයි.
පළමු සිදුවීම වැනි සිදුවීම් මේ රටේ සිදුවුණ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අද ඒ මවට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට සියඵ ආයතන පෙළ ගැසී ඇති බවට පුවත් මේ දිනවල අසන්නට ලැබේ. නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත් අසරණයාට පමණක් නොවේ. එසේම කෑම බීම වැනි මුලික අවශ්‍යතාවයන් ඉටු කිරීමට නොහැකි වීමෙන් මවකට හෝ පියෙකුට සිය දරුවන් මරා දමන්නට සිදුවන සමාජයක් සැබැවින්ම හඩා වැටිය යුතුය. පරිවාස නිලධාරීන් දරුවන් පරිවාස භාරයට ගැනීමට යුහුසුඵ වන්නේ එම දරුවන් මෙතෙක් කල් මහමග හිඟා කද්දී නින්දේ සිටි බැවිනි. මේ දේශයේ ක්‍රමය එයය. හැමදාම මැතිවරණ පවත්වන මේ දේශයේ එක රැයකට රුපියල් කෝටි ගණනක පෝස්ටර් බැනර් කටවුට් ගසයි. ඒ වගේම සිය දරුවන්ට කෑම වේලක් දීමට නොහැකිව ඔවුන්ගේ කුසගින්න ළඟ තැවෙන මව් පියවරුන් කොපමණ ප්‍රමාණයක් ඒ රාත්‍රී අඳුර තුල පීඩිතව සිටිනවාද? මේ පීඩිත බව වේදනාව සිය දරුවන් මරා දමන්නට තරම් සුවිසල් නම් කළ ගුණ දත් උතුම් බුද්ධිමත් ජනතාවක් වෙසෙනවා යැයි කියන මේ මනරම් දේශයේ මනුෂ්‍යත්වය සැබැවින්ම හැම නිමේෂයකම වැළපිය යුතුය. අද මේ මව දඟගෙහිලෑම පමණක් ප්‍රමාණවත් යැයි සිතනවානම් එය අතීසාරෙට අමුඩෙ ගැසීම වැනි ක්‍රියාවක් පමණක් විය හැක.
එසේම පොලිසිය විසින් අසරණයන් මරා දැමීමේ සංස්කෘතිය මේ දේශයට අලුත් දෙයක් නොවුවත් අද මෙය උච්චස්ථානයට පත්වී ඇත. අවි දැරිය යුත්තේ අවි දැරීමට සුදුස්සන් විසිනි. බලය ලැබිය යුත්තේ බලය හැසිරවීමට සුදුස්සන්ගේ දෑත් වලට පමණි. එහෙත් සියල්ල කණපිට පෙරළී ඇත. නොමිනිසුන්ගේ අතට බලයත් අවියත් ලබාදී ඇත. අපි සියල්ලන් විහින් සෙල්ලම් බඩු බවට පත්වී සිටිමු ඔවුන්ට කැමැති සෙල්ලමක් අප අරභයා කිරීමට ඉඩදී.

ඇත්තෙන්ම.....මේ ලංකාව...ලංකාවේ නීතිය..කතාකිරීමෙන් පලක් ඇතිද ?
ReplyDeleteමොනවා කරමුද අපි
ReplyDeleteහඩමුද සිනාසෙමුද?
කා හට කියමුද අපි
ගැටෙමුද පලා යමුද?
හදවතින් හඬ හඬ බලා සිටිමු රෙවන්..
ReplyDeleteසිස්ටම් එක වෙනස් කරන්න ගිය මිනිස්සු
ගොඩාක් සිස්ටම් එකෙන් වෙනස් උනා..
පිටස්තරයත් එක්ක ගොඩාක් දෙනෙක් මෙක මතක් කරා... නිමන්ති අක්කත් මෙ ගැන ලියලා තිබුනා.. නමුත් මෙක දකින්න... දකින්න අපි අපිවම ඇතුලෙන් කඩන් වැටෙනවා.. මිනිස්සුන්ගෙ ප්‍රශ්න උඩු දුවනවා මිසක් එවා සුව වෙන්නෙ නැහැනෙ.. මෙ රට හදන්න යන මිනිස්සුයි,,, රට්ටුන්ට උගන්වන මිනිස්සුයි තමුන්ගෙ වගකිම හරියට කරන්නෙ නැහැ වගෙයි..
අම්මා දරුවෙකුව ගඟට විසික් කරනවා කියන්නෙ....
කො මෙ සංවෙදි මිනිස්සු..
කො මෙ අසරණ මිනිස්සුන්ට සරණක්....
කොහෙද මෙ විදෙශ ආධාර යන්නෙ...
මිනිස්සු 100 යකට කන්න තියන හල් මිටියක් එක මිනිහෙක් අරන් තනියම ගෙදර තියන් කනවා නම් ඉතින් එ මිනිහගෙ පරම්පරාවම එතනින් එහා යන්නෙ නැහැ..
ස්භාවධර්මෙට වරදින්නෙ නැහැ අපිටයි වැරදිලා තියන්නෙ.. නැද්ද පිටස්තරයා...
අපිත් වැරදියි මෙවට මනුස්සයෙක්ගෙ මුහුනෙ කරදරයක් ලියලා තියෙද්දි ටිකක් ලගට ගිහිල්ලා ආහපිය, " ඇයි අම්මෙ මොකද .. කරදරයක්ද.., ඇයි අක්කෙ මොකද්ද ප්‍රශ්නෙ" පිටස්තරයයා දන්නෙවනෙ කොළඹ පලාතෙ මෙහෙම අහන්න ගියොත් වෙන දෙ.. මම මෙහෙම අහලත් ලැජ්ජා විදලා තියනවා. එතරම් වෙගයෙන් යන සමාජයක් තියන්නෙ...
ReplyDeleteඒක ඇත්ත මචං දැන් කොහොමත් මේ රළ පහර ආපහු හරවන්න බැරි තරම් වේගෙකින් වැරදි පැත්තට ගලාගෙන යනව. ඔයා කිව්ව වගේම සමාජ අසාධාරණය නැති කරනව කියල ඉදිරියට එන මිනිස්සුම අන්තිමට ඒකෙම කොටස්කාරයො වෙලා තමන්ගෙ සුබසිද්ධිය සලස ගන්නව.
ReplyDeleteමේ සේරටම විසඳුම තියෙන්නේ මහජනතාව (අපි) අතේම තමයි. වැඩේ කියන්නේ ඔය පැන්සල් ඉරි කෑලි දෙක ගහන වෙලාවට මහා ප්‍රාඥයින්ගේ පවා මොලේ කියන එක බහිනවනෙ අර පහළ........
ReplyDeleteමට තවපැත්තකින් තව දෙයක් හිතෙනවා. තමන්ටවත් ජීවත් වෙන්න බෑ කියලා දන්න මේ අම්මා ඇයි මේ තරම්ම දරුවො හැදුවේ ? ඇයි දෙයියනේ උන්ට බලාගන්නේ කොහොමද ? 6 දෙනෙක් කොහොම රකින්නද ? එහෙම පුළුවන් නිසා ජීවිතය දීලා බැරි උනාම මරලා දන්න හදන්නෙ ඇයි ? ඒ දරුවට ජීවත් වෙන්න අයිතියක් නැද්ද ?
ReplyDeleteතව දෙයක්...මව් සෙනෙහසත් ලෝකෙන් නැතිව යාගෙන එනවාදෝ කියලා බයකුත් දැනෙනවා...මොකද මේ සිද්ධියේදි මේ අම්මා නැතිබැරිකම හින්දාවත් දරුවව මරන්න හැදුවා. ඒත් පහුගිය කාලෙදි දරුවන් නිකරුනේ මරන්න ගිය අම්මා ගැනත් අපිට අහන්න ලැබුනා නේද ?
යහලුවනෙ මෙ දෙවල් පල විතරයි... මෙව හෙතුන් නෙමෙයි.... මෙ ඇවිල්ලා ගහෙ කොල... ගහෙ මුල වෙන තැනක තියන්නෙ... මම හිතන විදියට අපි හැමොම මෙ පවෙ කොටස් කාරයෙ...
ReplyDeleteමම අනන්තවත් දැකලා තියනවා. කොච්චියෙ හිඟාකන හිඟන ලමයට රුපියලක් නොදෙන මිනිස්සු වඩ, කඩල, බිස්කට තමුන්ගෙ දරුවට අරන් යනවා.. අර දරුවා එවා දිහැ බලාගෙන යනවා...
අපි හොරුන්ට " මහත්තයො" කියලා. අපි සල්ලි හොරක්ම් කරන මිනිස්සුන්ට ඉනිමන් තියන්නෙ....
රකුසන් පුද දි මිනිසුන් සැනසෙනවා කියලා කියන්නෙ.. අන්න එකයි
බයිසිකලෙ හෙල්මට්,ලයිසන් නැතුව ගිහින් අහුවුනාම එතන ඉන්න පොලිස්කාරයාට දාහෙ කොලයකින් ගහලා බෙරෙනවා. එතැනින් පටන් ගන්නෙ...
අද මම ඉන්න ප්‍රදෙශයෙ ඉන්නවා ලොකු සල්ලි කාරයො.. උන් ජුලි කලබලය වෙලාවෙ. දෙමල මිනිසුන්ගෙ දෙපල කොල්ලකාගෙන දියුණු වෙච්චි මිනිස්සු..
මිනිස්සු සල්ලි පස්සෙ එලවන්න පටන් අරන් මිනිස්කම් අමතක කරලා, දහම අමතක කරලා මෙ කොහෙද යන්නෙ කියන එකයි පුදුම...
වැඩිය ඔනෙ නැහැ බලන්නකො පොයදාට ටිවි එකෙ යන බන තොගය.. මම එ අම්මට වැරැද්ද දාන්නෙ නැහැ...
සිස්ටම් එක හැමතැනම පැළැස්තර කැලි අලොලා තියන්නෙ..rootcause එක හොයලා පිලියම් ඔයදලා නැහැ.. අපි මිනිස්සු වශයෙන් අපෙ කොටස කරමු කියන එකයි මගෙ අදහස.. අපිට පුලුවන් විදියට අපි එකිනෙකාට උදව් කර ගමු...
හදවතින්ම එකඟ වෙනව රවා ඔයාගෙ අදහස සමග. මනුෂ්‍යත්වය මියදෙනව නම් අපි හොයන්න ඕනි ඊට හේතුවයි. පිළියම් කරන්න ඕනි එයටයි.
ReplyDelete