Thursday, 25 March 2010

සමුගැනීම


නිශ්ශබ්දතාවය එක්රොක්ව..
මා වැළලූ අඳුරු උදයක
ඔබ නික්ම යනු දුටිමි..
ශබ්දයක් නොනගාම.

පුංචි කැළලක්වත්
නොවිණ ශේෂව මුවෙහි
ඔබ අහිමි කරගෙන සිටියෙන්
සතුව තිබු මුඵ සිනහවම....

වියළී තිබිණ ඇස් දෙක
පෙර නිබඳ තෙත රැඳි..
ඔබ අහිමි කරගෙන සිටියෙන්
ළතෙත් බව සිඳී ගිය ලෙස.....

ඇත්තටම පුදුමයි..?
මට දුකයි ඔබ ගැන.
සමුගෙන තිබෙන්නේ ඔබ
කාගෙන්ද...?



6 comments:

  1. නිශ්ශබ්දතාවයට ඉඩ දෙන්න
    ඒවි ආයෙත් දවසක්
    මීදුමක් වාගේ
    හිත ලඟින් මතුවේවි

    ලස්සනයි කවි -
    ස්තුතියි ඔබේ අදහස් වලට
    සුළඟ

    ReplyDelete
  2. අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා.
    තමාවම අහිමි කරගැනීමක් ගැන වෙන්න ඕනෙ කියන්නෙ.

    ReplyDelete
  3. තමාට තමාවම අහිමි උනාම මොනාද ඉතිරිවෙන්නේ ....

    හරිම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  4. ඔව් Revan ඔයා හරි.
    සමහර වෙලාවට කෙනෙක් තව කෙනෙක්ට පිටුපාල යනව. එහෙම කරද්දි එයා තමන්ගෙ හදවතේ තිබුණු ගොඩක් මනුෂ්‍ය ගුණාංග නැති කරගන්නව. පිටු පෑමට ලක්වෙන්නාට වඩා යමක් අහිමි කරගන්නේ එයාම නේද?
    සුළග හා දිල් ඔයා‍ලටත් ස්තූතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  5. ලස්සනයි වචන ටික මම ආපහු රැ වෙලා ඇවිල්ලා යමක් සටහන් කරන්නම්...

    ReplyDelete
  6. හරි රවා මම දන්නව. ඔයා කමන්ට් නොකලත් ඔයාගේ හිත මම දන්නව. ඔයාගෙ වටිනා අදහස් වලට මම ගරු කරනව.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.