ආයෙත් අන්ධකාරයේ අපි ගිලී ගියෙමු
සියවස් ගණනක් මේ අන්ධකාරයෙන්
අපි ආලෝකයට එබී බැලුවෙමු
ඒත් අපේ ඒ ඇස් අන්ධ වී ගියේය
තව සියවස් ගණනක් මේ අන්ධකාරයේ
අපි ජීවත්වෙන්නට ඉරණම කොට ගත්තේය..
මේ අන්ධකාරය තුළ කවදත්
දත් විලිස්සාගත් නොපෙනෙන යක්ෂයෝ
අපේ බොටු මිරිකා රුහිරය උරා බිව්වෝය..
මොළකැටි අපේ දරුවන් සුවහසක්
අන්ධකාරයේ පිසාචරයන් ගොදුරු කර ගනිද්දී
තිමිරය තුල අපට නොපෙණුනත්
ඔවුන්ගේ වේදනා කෙඳිරිලි හඞ ඇසුණි..
ඉතින් දණ නමා නැමද
අන්ධකාරයේ සිහසුන ළඟ අපි නැවතත්
පණුවන් සේ දඟලමින් ජීවත් වෙමු
ඇස් කන් පියාගෙන සදහටම...
ඒ අන්ධකාරයට සාප නොකර එක පහනක්වත් දල්වන්න අපි උත්සහා කරමු.
ReplyDeleteතරහ යනව නේ ?? :) මොනා කරන්නද.. ඕවෑ හැටි ඔහොම තමා
ReplyDeletetotally agree with ayesha.......:((
ReplyDeleteකිසිදා ආලෝකයක්
ReplyDeleteනොතිබූ හෙයින්
අඳුරේද එළියේද
වෙනස
නොදන්නෙමු!
@ rasi,
ReplyDeleteආලෝකය මිත්‍යාවක් විය හැක. අඳුරද මිත්‍යාවක් නොවේද?
වඩා යහපත් මිත්‍යාව වෙනුවෙන් අරගල කරමු.
අපිට කවදත් අඳුරෙ අත පත ගාන්න තමයි වෙන්නෙ......... හරි හමන් ආලෝකයක් කවද වැටෙයිද කියල කව්ද දන්නෙ?
ReplyDeleteඅඳුරට එරෙහිව අරගල කළ, ආලෝකය දෙන්නට ආ අයද අඳුරේම ගිලී ගියෝය...
ReplyDelete