ජීවිතේ මහමග යනෙන කල
සංසාරගත පෙර බැඳුම්
නැවත හමුවී සිත බැඳෙන විට
කෙලෙස මා ඔබ ළඟම ඉන්නද
ශරීරෙන් මිස මුඵ සිතින්නම්..
එහෙත් මගෙ යටි සිත නොදන්නා
ඔබ හිඳියි මා ළඟම ළතැවී
ඔබේ යටි සිත නොදන්නා
මා හිඳියි ඔබ ළඟම නැවතී..
මතුපිටින් හිම වැටුණු සීතල
ඇතුළතින් ලාවා බුබුලුලන
අපි තවත් ගිනි කඳු දෙකක්මය
එකිනෙකා ගැන කිසිත් නොමදත්..
භයානක ගිනි කඳු දෙකක් !
ReplyDeleteඅපූරුයි
ඉඳල හිටලා ගිනි කඳු පුපුරල ලාවා මතුවෙනවා...
ReplyDeleteඇත්තමයි..යාලුවා..
ReplyDeleteයථාර්තය නම් මෙයම තමා.
රසවත් පද වැලක්.