Monday 9 May 2011

ආදරණීය ඉස්කෝ‍ලේ සවන් දෙනු මැන..




ඔබ හැදූ
රජවරුන්, වියතුන්
උන් රැකෙන්නට
සාරය උරාගෙන
විසිකල කුණුගොඩට
උක්දඞු හපය අප..

ඔබ නොහැදූ
තක්කඩින් නරුමයන්
සේවය කරයි
උක්දඞු කපන්නට..

ඉදින් දැන්වත්
යකඩ හදවත් ඇති
රජවරුන්, වියතුන් වෙනුවට
හදවත් පණ ගැහෙන
මිනිසුන් තනනු මැන..

ඒ මිනිසුන්
රජ නොවුණාට කම් නැත
උගතුන් නොවුණාට කම් නැත
හදවත් ගැහෙන රාවය
ඇසෙයිනම්
සක්වල එතෙරට

අපි තවත්
උක්දඞු නොවෙමු
සොයුරු වැසියෝ මිස..



2 comments:

  1. උගතුන් නොවුණාට කම් නැත
    හදවත් ගැහෙන රාවය
    ඇසෙයිනම්
    සක්වල එතෙරට

    අපි තවත්
    උක්දඞු නොවෙමු.


    දැන් අපිට මෙහෙම ඉදලා ඇති වෙලා

    ReplyDelete
  2. මම මගේ අම්මා ගාවට ගොඩක් ආදරේ මම ඉගෙන ගත්ත පාසලට.
    ඒ දෙන්න නැත්නම්..සංවේදී - නිල් අහසක් - කොයින් ද...

    අලුත් ඉසව්වක් පෙන්නන..පද වැලක්.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.