Saturday 29 January 2011

එකම ඇස් වල වෙනසක්?


                                         යුද්ධයේ ගිනිදැල්
                                         එළියෙන් දකින්නට
                                         හුරු වූ දෑස්
                                         සාමයේ අඳුර තුළ
                                         කිසිවක්ම නොදකියි..

Tuesday 25 January 2011

ගරු බුහුමන් නුඹට උරුම.



දියණියනි, මා ළබැඳි නුඹ
ගගනත සොඳුරු තරුවකි
දෑ රඟමිණකි පොළොවත
විකසිත මලක සුවඳකි..

දිව්‍යමය සොම්නස
ගලන තුඟු සිරසක
නැවුම් වූ උල්පතකි
හිසනමා ගරු කරමි
නුඹ තුළ ඒ
පියවි සොම්නසට..

නුඹ සිටින ඉසව්වෙන්

බෝ දුර පැමිණ අද
පියවි සොම්නස ලෙස
කුණු කඳු හිස දරණ මට
ගරු නොකරන්න
දියණියනි,
පියෙකු වූ පමණින..

Sunday 16 January 2011

ලෝකය සහ මම



                                             ලෝකය
                                             ජනගහනයෙන් 
                                             ඉතිරී පැතිර
                                             විනාශය වෙත
                                             යුහුසුඵ ගමනකය..

                                            
                                             මම
                                             මගේ නිවසක්
                                             මගේ පවුලක්
                                             මගේ දරුවන්
                                             දකින සිහිනෙකය..

Friday 14 January 2011

වෙනසක් නැති මං?



                                අනෙකුන්ගෙන් වෙනස්වීමට
                                සිතූ සිතුවිල්ලෙන් පමණක්
                                මනඃකල්පිතව මම
                                වෙනස්විමි හැමදාම..


                                එහෙත් ක්‍රියාකාරකම් තුළ
                                ඇතුල් ගැඹුරේ හැමදාම
                                අනෙකුන් සේම විමි..
 

Wednesday 12 January 2011

එක වහලක් යට (නො)වෙමු අපි..


                                එක විසල් වහලක්
                                වෙලා අද අහසම
                                අප සැමට ඉහළින..

                                බොහොම කලෙකින් අප

                                එකම වහලක් යට..
                                එහෙත් තව බොහෝ අය
                                වෙන වෙනම වූ
                                වහලවල් යට වෙත..

Wednesday 5 January 2011

පියාසර රහස..



ගොඩක් බර හදවත් නිසා
අහසට නැග ඉගිලෙන්න
බැරි අපි තවම පොළොවේය..

සැහැල්ලු පියාපත් ලැබ
සැහැල්ලු හදවත් ඇති
කුරුල්ලෝ ගුවනේය...