පසුගිය සතිය තුළ සිදුවූ හද කම්පා කල සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් මේ සටහන ලියන්නට හිතුණ.
පළවෙනි සිදුවීම කඵතරදී මවක් සිය දරුවා ගඟට විසිකිරීමයි. අනෙක් සිදුවීම ත්‍රිකුණාමළයේදී පොලිසිය විසින් මහ රෑ වරෙන්තුකරුවෙකු සොයා ගොස් අහිංසකයෙකු වෙඩිතබා මරා දැමීමයි.
පළමු සිදුවීම වැනි සිදුවීම් මේ රටේ සිදුවුණ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අද ඒ මවට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට සියඵ ආයතන පෙළ ගැසී ඇති බවට පුවත් මේ දිනවල අසන්නට ලැබේ. නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත් අසරණයාට පමණක් නොවේ. එසේම කෑම බීම වැනි මුලික අවශ්‍යතාවයන් ඉටු කිරීමට නොහැකි වීමෙන් මවකට හෝ පියෙකුට සිය දරුවන් මරා දමන්නට සිදුවන සමාජයක් සැබැවින්ම හඩා වැටිය යුතුය. පරිවාස නිලධාරීන් දරුවන් පරිවාස භාරයට ගැනීමට යුහුසුඵ වන්නේ එම දරුවන් මෙතෙක් කල් මහමග හිඟා කද්දී නින්දේ සිටි බැවිනි. මේ දේශයේ ක්‍රමය එයය. හැමදාම මැතිවරණ පවත්වන මේ දේශයේ එක රැයකට රුපියල් කෝටි ගණනක පෝස්ටර් බැනර් කටවුට් ගසයි. ඒ වගේම සිය දරුවන්ට කෑම වේලක් දීමට නොහැකිව ඔවුන්ගේ කුසගින්න ළඟ තැවෙන මව් පියවරුන් කොපමණ ප්‍රමාණයක් ඒ රාත්‍රී අඳුර තුල පීඩිතව සිටිනවාද? මේ පීඩිත බව වේදනාව සිය දරුවන් මරා දමන්නට තරම් සුවිසල් නම් කළ ගුණ දත් උතුම් බුද්ධිමත් ජනතාවක් වෙසෙනවා යැයි කියන මේ මනරම් දේශයේ මනුෂ්‍යත්වය සැබැවින්ම හැම නිමේෂයකම වැළපිය යුතුය. අද මේ මව දඟගෙහිලෑම පමණක් ප්‍රමාණවත් යැයි සිතනවානම් එය අතීසාරෙට අමුඩෙ ගැසීම වැනි ක්‍රියාවක් පමණක් විය හැක.
එසේම පොලිසිය විසින් අසරණයන් මරා දැමීමේ සංස්කෘතිය මේ දේශයට අලුත් දෙයක් නොවුවත් අද මෙය උච්චස්ථානයට පත්වී ඇත. අවි දැරිය යුත්තේ අවි දැරීමට සුදුස්සන් විසිනි. බලය ලැබිය යුත්තේ බලය හැසිරවීමට සුදුස්සන්ගේ දෑත් වලට පමණි. එහෙත් සියල්ල කණපිට පෙරළී ඇත. නොමිනිසුන්ගේ අතට බලයත් අවියත් ලබාදී ඇත. අපි සියල්ලන් විහින් සෙල්ලම් බඩු බවට පත්වී සිටිමු ඔවුන්ට කැමැති සෙල්ලමක් අප අරභයා කිරීමට ඉඩදී.