මුඵ මිනිස් පැවැත්මම
භෞතික
න්‍යායික
කුණු වලින් වසාලූ
පිරුණු මිනිසුන්ගෙන්
අවැඩක්ම මිස
යහපතක් නැත තව..
හිස්ම හිස් මිනිසුන්
කෝටි ගණනක්
ඇවැසි වී ඇත
මුඵ මහත් පෘථිවිය
ජීවය ලබන්නට යළි....
වැරැදි නොකිරීමට
ඉටා නොගත්තේනම්..?
අවදානම් මැද
ත්‍රාසය සමග
යන්නට තිබිණි බෝදුර
ජීවිතේ ඉදිරියට...
හදවතේ ඉහළට...
ලෝකයා අභියස මම
නිවැරැදි ගලක් මෙනි අද
එනමුත්
අක්‍රීය,
නොසෙල්වෙන...
පළමුව ඔවුන් මත්පැන් සිගරට් මත බදු පණවමින් මිළ ඉහළ නැංවීය.
මා මත්පැන් හෝ සිගරට් නොබොන බැවින් නිහඞව සිටියෙමි.
දෙවනුව ඔවුන් ගෑස් මිළ අසීමිතව ඉහළ දැමීය.
මා ගෑස් භාවිතා නොකරන බැවින් නිහඞව සිටියෙමි.
ඉන්පසු ඔවුන් භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් මිළද අසීමිතව ඉහළ දැමීය.
මා ලාම්පු පත්තු කරන්නේ නැති නිසාත් මා සතු කිසිදු වාහනයක් නැති නිසාත් නිහඞව සිටියෙමි.
ඉන්පසු ඔවුන් බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් රථ මිළ ඇදහිය නොහැකි ගණනකින් ඉහළ දැමීය.
එවැනි කිසිවක් ගැනීමට තරම් මා සතු මුදලක් කිසිදා නොවූයෙන් මා නිහඞව සිටියෙමි.
(මං වැනි හැමෝම වගේ)
අවසානයේ මේ සියල්ලේම හේතුඵල විදියට කන බත්පතටද ඉහළ මිළක් අත්විය.
එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක්ම නොවිණ.
(කන්න බොන්න ඇති සියල්ලෝ දේශප්‍රේමීන් වී සිටියෝය)