Tuesday 25 September 2012

අස්වාභාවික එළඹුම..






මිනිසුන් නිදන
මේ සීතල උදෑසන
නිසලව ශාන්තව
ස්වභාවය සමගයි..

නොගැලපෙයි
දහස් සිතුවිලි ඇවිලෙන
නොනිදන මසිත
විශ්වය මවන
ස්වභාවය සමග..

අවදි වෙයි මිනිසුන්
මිනිස් කඩහඞ ඇසේ
ඈතින් පන්සලක
ලවුඩ්ස්පීකර් හඞ නැගේ..

ස්වභාවික විශ්වය
නිදිකිරයි ඒ අතර...