ආයෙත් අන්ධකාරයේ අපි ගිලී ගියෙමු
සියවස් ගණනක් මේ අන්ධකාරයෙන්
අපි ආලෝකයට එබී බැලුවෙමු
ඒත් අපේ ඒ ඇස් අන්ධ වී ගියේය
තව සියවස් ගණනක් මේ අන්ධකාරයේ
අපි ජීවත්වෙන්නට ඉරණම කොට ගත්තේය..
මේ අන්ධකාරය තුළ කවදත්
දත් විලිස්සාගත් නොපෙනෙන යක්ෂයෝ
අපේ බොටු මිරිකා රුහිරය උරා බිව්වෝය..
මොළකැටි අපේ දරුවන් සුවහසක්
අන්ධකාරයේ පිසාචරයන් ගොදුරු කර ගනිද්දී
තිමිරය තුල අපට නොපෙණුනත්
ඔවුන්ගේ වේදනා කෙඳිරිලි හඞ ඇසුණි..
ඉතින් දණ නමා නැමද
අන්ධකාරයේ සිහසුන ළඟ අපි නැවතත්
පණුවන් සේ දඟලමින් ජීවත් වෙමු
ඇස් කන් පියාගෙන සදහටම...