Thursday, 30 December 2010

හිස් මිනිසෙකු වෙම්...



                                මම "මගෙන්" පිරී ගොස්
                                සිටින කල මා තුළින්
                                නොගැයුනෙන් කිසි විටෙක
                                ජීවිතේ සුර ගීය


                                වෙමින් වස් දණ්ඩක්ව
                                විවර වුණු හිස් බවට
                                මම "මගෙන්" හිස් වුණෙම්
                                කිසිවකින් නොපිරවුණු

                                ඉදින් එනු මැන සබඳ
                                සුරගීත සුගායන
                                ගයනු මැන ඒ තුලින්
                                ජීවිතෙන් මුසපත්ව ..

Thursday, 23 December 2010

මම විතරද සුරා මතින්..?



                            සුචරිතයෙන් මත් වූ සීයාද
                            භක්තියෙන් මත් වූ අත්තම්මාද
                            දේශපාලනයෙන් මත් වූ පියාණන්ද
                            උගත්කමින් මත් වූ මෑණියන්ද
                            ධනයෙන් මත් වූ අයියාද
                            උඩඟුකමින් මත් වූ අක්කාද
                            තනතුරෙන් මත් වූ මල්ලීද
                            ප්‍රේමයෙන් මත් වූ නංගීද..


                            සුරාවිතින් මත්වන මට
                            දොස් නගයි හැමදාම..???

Saturday, 18 December 2010

එකම අංකුර..



                              වෙනස් වූ මුදුන් වෙත නැගෙන
                              පිපාසෙන් දුවන'මුත්
                              කෙළවර පිටව යයි දනන්
                              එකිනෙකාගෙන් නොවෙනස්
                              කාබන් පිටපත් විලස...

Wednesday, 15 December 2010

සද්භාවය යනු..



                               ජලය වෙන්නට කැමැත්තෝ
                               මහ පොළොව ගිනි තබති..
                               එගිනි නිවාලන උහු
                               මහ පොළොව යටකර ගලති...

Sunday, 12 December 2010

පෙරහන්කඩක් සොයනෙමි..



පෙරහන් කඩක් සොයමි
පෙරාගන්නට
ආදරය වෙන්කර
නුරාවෙන්, ඉරිසියාවෙන්
හිමිකර ගැනීමේ
නොතිත් ආශාවෙන්
බියෙන් සහ තරහින්..

එතෙක් ආදරෙයි යැයි කියමි
එහෙත් ආදරයෙන් නොවෙමි..


Friday, 3 December 2010

යුග යුග සිහිනය...



                                  මිනිස් හැඩයෙන් තැණුනු
                                  ලොකුම ලොකු ඔඵවල
                                  තැණුනු කම්හල්වල
                                  නිපදවුණු ‍බොරු ගොඩක
                                  රැවටිලි කෝටි ගණනක
                                  යුග ගණන් පීඩිතව..


                                  අපි තවම බලා ඉමු
                                  පුංචිම පුංචි ඔඵ ඇති
                                  ලොකුම ලොකු හදවත්වල
                                  සෙවණ යට සැනසෙන්න

                                  සැබවින්ම  හිනහෙන්න..