Tuesday 18 May 2010

වෙස් මුහුණු වෙළඳාම



                                              සකසමි
                                              තව තවත් 
                                              වෙස් මුහුණු
                                              නොපැළැඳි අයට
                                              පැළැඳ ගන්නට...

                                              විටෙක පැමිණෙති
                                              පැළැඳි අය
                                              නොදැන ඒ බැව්
                                              මිළදී ගනියි
                                              නිරපරාදේ
                                              වැයකර මුදල්....

10 comments:

  1. පැළදි බැව් නොදැන
    වෙස් මූණ
    මිලට ගෙන තවෙකක්
    පැළද උජාරුවට
    නටති කෝළම්
    බහු රෑ පාමින
    නෙක් දනෝ.........

    ReplyDelete
  2. එක්ව ගොඩනගමු ලොව...
    වෙස් මුහුණු ගලවන්න....

    ReplyDelete
  3. වෙස් මුහුණ දා ගත්තම මම කාටවත් බය නැහැ! හැබැයි වෙස් මුහුණ ගැලෙව්වම මම කාටත් බයයි!

    ReplyDelete
  4. ඔය කවුරැ කොහොම කිවුවත් මෙ කාලයේ ජීවත් වෙන හැමොටම දෙකක්වත් වෙස් මූනු තියනවා මදි උනොත් තවත් ගන්නව වෙස් මූනු ගලවන්න එන අයත් වෙස් මූනු දාගන තමයි ඉන්නෙ

    අපි www sriwow info

    ReplyDelete
  5. වෙස් මුහුණු දෙක තුනක්ම එක්කෙනෙකුට ඈති නේද?
    වෙස් මුහුණ ගලවා
    නව මුහුණ පෙන්වූවිට
    ඇය කීවේ
    මම නුඹ නොහදුනමි

    ReplyDelete
  6. දමා ගලවන
    ගලවා දමන
    රැඟුමට ඔබින
    මුහුණ වස්න

    ReplyDelete
  7. හැමෝගෙම මුහුණුවල වෙස්මුහුණක් ඇති කියලා මට හිතෙනවා.....අනිත් අයගෙන් තමන්ගේ ඇත්ත වසන් කරන්නට නොවුනත් සමහට විටක තමන්ගෙන් තමන්වම වසන් කරන්නත් වෙන්න පුලුවන්...

    අපූරු පද පෙලක්....

    ReplyDelete
  8. මැණික්(සුළඟ)19 May 2010 at 08:10

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. එක් කෙනෙක් තුල විවිධ වු ස්වරූප මොන තරම් තියෙද.
    අවස්ථාව , පුද්ගලයන් , කාලය , ස්ථානය අනුව හැමෝම කරන්නේ වෙස් මූනූ මාරු කරන එක තමයි...නේද.

    හැමදාම වගේ අද කවියත්...නියමයි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.