Saturday, 29 January 2011
Tuesday, 25 January 2011
ගරු බුහුමන් නුඹට උරුම.
දියණියනි, මා ළබැඳි නුඹ
ගගනත සොඳුරු තරුවකි
දෑ රඟමිණකි පොළොවත
විකසිත මලක සුවඳකි..
දිව්‍යමය සොම්නස
ගලන තුඟු සිරසක
නැවුම් වූ උල්පතකි
හිසනමා ගරු කරමි
නුඹ තුළ ඒ
පියවි සොම්නසට..
නුඹ සිටින ඉසව්වෙන්
බෝ දුර පැමිණ අද
පියවි සොම්නස ලෙස
කුණු කඳු හිස දරණ මට
ගරු නොකරන්න
දියණියනි,
පියෙකු වූ පමණින..
Sunday, 16 January 2011
ලෝකය සහ මම
ලෝකය
ජනගහනයෙන්
ඉතිරී පැතිර
විනාශය වෙත
යුහුසුඵ ගමනකය..
මම
මගේ නිවසක්මගේ පවුලක්
මගේ දරුවන්
දකින සිහිනෙකය..
Friday, 14 January 2011
වෙනසක් නැති මං?
අනෙකුන්ගෙන් වෙනස්වීමට
සිතූ සිතුවිල්ලෙන් පමණක්
මනඃකල්පිතව මම
වෙනස්විමි හැමදාම..
එහෙත් ක්‍රියාකාරකම් තුළ
ඇතුල් ගැඹුරේ හැමදාම
අනෙකුන් සේම විමි..
Wednesday, 12 January 2011
එක වහලක් යට (නො)වෙමු අපි..
එක විසල් වහලක්
වෙලා අද අහසම
අප සැමට ඉහළින..
බොහොම කලෙකින් අප
එකම වහලක් යට..
එහෙත් තව බොහෝ අය
වෙන වෙනම වූ
වහලවල් යට වෙත..
Wednesday, 5 January 2011
පියාසර රහස..
ගොඩක් බර හදවත් නිසා
අහසට නැග ඉගිලෙන්න
බැරි අපි තවම පොළොවේය..
සැහැල්ලු පියාපත් ලැබ
සැහැල්ලු හදවත් ඇති
කුරුල්ලෝ ගුවනේය...
Subscribe to:
Posts (Atom)