Tuesday 8 June 2010

අතුරුදන්වීම


    
                                      මේ පුංචි කුටිය තුල
                                      නිහඞතාවය අතර
                                      සුවිසල්ව සිටින 'මම'
                                      දෘෂ්‍යමානය මටම...

                                      දෙනෝදාහක් සරන
                                      නගරයේ වීදිතුල
                                      සිහිනයක් වෙමි 'මමම'
                                      අවදියෙන් සිට දකින...

                                      අසංඛ්‍ය තාරකා
                                      අසල මහ සක්වලේ
                                      ශුන්‍යයකි 'මම' මටම
                                      සොයාගන්නද කෙලෙස...

5 comments:

  1. මහා අංශුව නුඹ කාටවත් නොපෙනෙන
    කුඩා අංශුව ඇය සැමගේම රසඳුන

    ReplyDelete
  2. නිහඞතාවය අතර
    සුවිසල්ව සිටින 'මම'
    අසංඛ්‍ය තාරකා අසල මහ සක්වලේ
    ශුන්‍යයකි.
    අප දැකිය යුතු සත්‍යය එයයි.

    ReplyDelete
  3. ඇත්තටම ඔබ කවුද? නිහඩතාවය තුල දෘෂ්‍යමාන ඔබද? නගරය තුල සිහිනයද? නැත්නම් විශ්වයේ ශුන්‍යයද? එහෙමත් නැත්නම් වෙනම කවුරුහරිද?

    හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු කවියක්.... හරිම ලස්සනයි!!!

    ReplyDelete
  4. නෙතින් නොව සිතින්
    බලන්න.
    බලන්න,
    පෙනෙයිද කියා
    හරි හැටි ඔබට ඔබවත්

    ReplyDelete
  5. අදහස් දැක්වීම පිළිබඳව ඔබ සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.