Tuesday 10 August 2010

මිනිසා අසමතුලිතය...



                                   පොළොවෙන් ගස තුළටත්
                                   ගස තුළ සෛලයෙන් සෛලයටත්
                                   සාරය විසරණය වෙයි
                                   වැඩි තැනින් අඩු තැනට ගොස්
                                   පෝෂණය සමතුලිත වෙයි
                                   පිවිතුරුය ස්වභාදමනම් ..

                                   අඩු තැනින් වැඩි තැනට
                                   සියල්ල ගලාගොස්
                                   (මනුෂ්‍යත්වය හැර)
                                   අඩු තැන් සිඳී යයි
                                   වැඩිතැන්ම පෝෂණය වේ
                                   මිනිසුන් අතර ලොව..

                                   මිනිසා අසමතුලිතය...

8 comments:

  1. වෙනස්ම ඇහැකින් දැකපු වෙනස්ම අදහසක්. ලස්සනයි ගලපලා තියන හැටි.....

    ReplyDelete
  2. නැහැ.
    මේක සමතුලනය කරන්න
    වැඩිතැනින් අඩුතැනට
    නොඅඩුවම ගලාඑයි
    මර්දනය.

    ReplyDelete
  3. වෙනස් අදහසක්.
    ලස්සනයි

    ReplyDelete
  4. අඩුතැනින් වැඩිතැනට යවන්නටන නම් අවැසිවෙයි නිරතුරු යොදන්නට ශක්තිය මැඩපවත්වන්නට ස්වභාවික ප්‍රතිවිරොධීතාවය යොදාගෙන බලයට නැමෙන ඇම්බැට්ටයෙක් දෙන්නෙක්...පාවදෙන්නට සෙස්සන්ව..........

    ReplyDelete
  5. ලස්ස්නයි සහෝ...
    අර්තවත්..

    ජය ඔබට

    ReplyDelete
  6. අඩු වැඩි අන්තයට නොගොස් මැද සිට බැලූ විට මිනිසාද ස්වභාදමට අනුකූල බව පෙනෙයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. හ්ම්ම් ලස්සන අදහසක්

    ReplyDelete
  8. @ හේමලයා - ස්වභාවික ප්‍රති‍විරෝධතාවයක් තිබුණත් බලය ඊට එරෙහිව යෙදවෙන නිසා එය යටපත් වෙනව. ඒ වගේම Charmi කියන ලෙසම මර්දනයෙන් සමතුලනය ‍කරනව.
    @ මැණික් - මැද සිට බලන්න මැදක් නැත. මැද එහෙම නැත්නම් සමතුලිතය ඇතිවෙන්න අස්වාභාවික යාන්ත්‍රණය ස්වභාවික විය යුතු වෙනව. ඒත් පෝෂණය ලබන තැන්වල සිරුරු තුල මිනිසුන් නොමැත. ඉතින් මැදට ඇවිත් බලන්නේ කවුද? ස්වභාදහමට මිනිසා අනුකූලනම් ඔවුන් තුලින් ආපසු සාරය ගලාවිත් මැදදී හමුවිය යුතුය. ඒත් එය කිසිදා සිදුවී නොමැත. වචන හරහා කරන රැවටීමක් පමණක් සැමදාම සිදුවේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.