Wednesday 18 August 2010

නුඹද තවත් ජීවිතයකි....



හෙටක් ගැන සුබ සිහින නොතැවරුණු නුඹ සිතේ
අදක්වත් ගෙන එන්න හිරු තවම නොසැරැසේ
කලල් මඩ ගොහොරුවේ අපමණව දුක තියේ
සියපතක් වී නැගෙන සිහිනවත් ‍නොම පෙනේ...

කල්පයක් සැරිසැරූ සංසාර මහමගේ
හමුවුණුම අයමවේ සිටින්නේ නුඹ වටේ
මතකයන් අමතකව හදවත්ද ගල් ගැසී
නුඹේ දුක් වේදනා කිසිවෙකුට නොම හැ‍‍‍ඟේ..

කටුක දුක් අවදි වී වැළඳගත් නුඹ හදේ
පණ අදින ප්‍රේමයේ සෝසුසුම් හඞ ඇසේ
වසන්තේ මලක් නොව මලක සුන්බුන් වුණේ
ජීවිතය බියකරුම සිහිනයක් වෙද නගේ..?

9 comments:

  1. ජීවිතය එකම බියකරු හීනයක්....ඉඳ හිට සුව සිහිනයක් ලෙස අප වරදවා දකින...:(

    ReplyDelete
  2. තාරකා පිරිවැරුනු සුපිරි මහ මන්දිරේ..
    මන්ද පය ගසන්නට වාසනා නොලැබුනේ...
    ඒත් එය හොදක් යැයි සිතාපන් මගෙ නගේ..
    සදා අම සැපක් වෙයි මහ පොලවෙ ජීවිතේ...

    සුපිරි තරු හෝටලේ අහර බදුනට වඩා...
    බක්කියේ බනිසයේ දිවිය ඇත සැගවිලා..
    සිතේ දිරියෙන් නුඹේ දිවිය හා පොර බදා...
    යස ඉසුරු ජය ගනින් නුඹට ජය වෙයි සදා...

    අපේ මේ කවිය අද නුඹට ශක්තිය වියන්...
    සිතේ දිරියම වඩා දෙපයින්ම නැගිටපන්...
    කවුලුවෙන් දුර පෙනෙන ලෝකයම ජය ගනින්...
    නුඹ වගේ තව එවුන් දහසකට අත දියන්...

    ReplyDelete
  3. හරිම ලස්සනයි යාළු

    ReplyDelete
  4. පැතුම් නැති හෙටක් නැති
    අද දවස මිසක් වෙන දෙයක් නැති
    තිගැස්වා සුබ සිහින වල දමන
    ජීවිතය පාළු අමු සොහොනක්

    ReplyDelete
  5. සදාකල් අඳුරක්ද? ගෙතුල රජ කරන්නේ
    වැරහැලිද, මැටි බිත්ති, පැනයක්ය නගන්නේ
    මලානික ජීවිතය සිනා මල් යදින්නේ
    නව ඉරක් නගින තුරු ඈ බලා සිටින්නේ

    ReplyDelete
  6. ලස්සනයි සහෝ කවි ටික..... රූපය ගැන අයේ අයේත් හිතන්ඩ පොලබවනවා.

    ReplyDelete
  7. ගොඩ දවසකට පස්සෙ ඔන්න මාත් ආවා.........
    ලස්සනම ලස්සනයි කවි පන්තිය නම්.

    ReplyDelete
  8. ජීවිතයේ එක් පැත්තක්.....
    ලස්සනට ලියපු පද පෙළක්‍‍....

    ReplyDelete
  9. ඔබ සියඵ දෙනාගෙ අදහස් සාධු හදවත් වලින් පැන නැගෙන සේ මට දැනේ. ඉතින් අදහස් දැක්වීම පිළිබඳ මගේ අසීමිත ස්තූතිය පිළිගන්න.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.