Tuesday 24 August 2010

පිනක මහිම...



                                         මේ පෝයට අපි
                                         පින් සිත් පෙරදැරිව
                                         මරණයට කැපවූ
                                         ගවයෙක් මුදා හැරියෙමු..

                                         මස්මඩුවේ නානා
                                         අප දුන් මුදල් ගෙන
                                         වෙන එකෙකු මිළදී ගෙන
                                         මරා මස් සැපයීය..

6 comments:

  1. කාපු බීපු තැන්වල වගේම පින් දහම් කරපු තැන්වලත් රැඳෙන්න එපා කියන්නෙ ඕකයි.
    (අනු‍මෝදන් උනා - මාරුඋනා)

    -අපි අඹ ගහක් හැදුවා. ගිහින් බලන්න -
    http://ambagaha.blogspot.com/

    ReplyDelete
  2. මෙන්න ඇත්ත.....අපේ එවුන් ඉල්ලුම සැපයුම ගැන දන්නවා වුනාට.....පින්කම් කෙරුවාව ඊට ලොකුයි නේ....අනික් අතට හරක් මස් කන්නේ නෑ නෙ අපි....මොකට පව් පුරවා ගන්නවාද....අධිශීතකරණ ඇතුලේ උපදින කුකුල්ලු ඉන්න කොට...

    ReplyDelete
  3. ඔබේ පින ඔබට නානගේ පව උට.. එච්චරයි..කුමට ලතැවෙනවද?

    ReplyDelete
  4. @ ඔස්කා

    මේක කියෙව්ව අපිට??? දුත...

    ReplyDelete
  5. හ්ම්ම් ඒක නං එහෙම වෙන්න ඇති :(

    ReplyDelete
  6. දැක්වූ අදහස් වලට මගේ ස්තූතිය පිළිගන්නා මෙන් ඔබ සියල්ලන්ගෙන් කාරුණිකව ඉල්ලමි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.