Wednesday 25 August 2010

මහපොළොවේ සුජාත දරුව.....



                                   මිහිමවගේ සුජාත දරුවෙකි
                                   නුඹ දරුව
                                   ‍එහි උණුසුම සිසිල
                                   පපුතුරෙහි නිබඳව තියෙන..

                                   නුඹේ මව් සොරාගෙන
                                   දූෂණය කොට හිඳියි
                                   නුඹ හෙලා මහ මගට
                                   ඇගේ අවජාතක දරුකැල...

8 comments:

  1. ඔලුව පුපුරු ගහනවා මචං.

    ReplyDelete
  2. පට්ට ඇත්ත....දකින්න අකමැති යථාර්තය......

    ReplyDelete
  3. සම්පුර්න ඇත්ත යාළු.

    ReplyDelete
  4. තිත්ත ඇත්ත කියන්නේ මේවට නේද ??

    ReplyDelete
  5. ඇත්ත. මගේ එක හීනයක් තියනවා. කවදහරි දවසක, කොහොමහරි කරලා ළමා නිවාසයක් දාන්න :) බැඳල නොහිටියොත් වැඩේ ලෙසි වෙයි. අනාගතය කොහොම වෙයිද කියන්න බෑ. හැබැයි හීන දකින එකේ වරදක් නෑ නෙ :) දැන්ට අපි උදවු කලත් කෙරෙන්නෙ දන්න කියන කිහිප දෙනෙකුටනෙ. ඔහොම එකක් කළොත් ගොඩක් දෙනෙකුට උදවු වෙන්න පුළුවනි.

    ReplyDelete
  6. පපුවට හෙනයක් වැදුනා වගේ . . . !

    ReplyDelete
  7. කොහෙන්ද පපුවට වෙඩි තියන්න ඉගෙනගත්තෙ සහෝ.....?

    ReplyDelete
  8. වේදනාවට සම්මාදන් වූ ඔබ සියඵ දෙනාගේ අදහස් වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.