Friday, 29 October 2010

සෙල්ලම් බඩු..



සෙල්ලම් බඩු
සෙල්ලම් බඩු බව දැන
අතහරිනව උඹ
ලොකු වුණාම..

ලොකු වුණාමත්
ආයෙමත් බදා ගන්නෙ
සෙල්ලම් බඩු වුණත්
මුල් වතාවේ වගේ
එපා වෙන්නට තරම්
ජීවිතේ කාලය
හරි කෙටියි..

ළදරුවන් අතරෙහි
ළදරුවෙක් ලෙසම උඹ
මියයන්න නියමිතයි..



Tuesday, 26 October 2010

ඉගිලෙන්න අවසරයි....



සිරුරු තුළ අප සිරගත කල
දෙවියන්ට ශාපවේවා !
මේ ශරීර ගෘහය
අපායේ සංඛේතය කල
දෙවියන්ට ශාපවේවා !

මේ මාංශය තුළින්
ඉගිලී යන්න හිස් අහසට
ආත්මයන්ට තටු ලැබ දෙන
දෙවියන්ට ආශිර්වාද වේවා !



Friday, 22 October 2010

ආදරයෙන් එහා...



ආදරයි අන්ධයිලු
අන්ධකාරය එක්ක
ගණුදෙනු හොඳ නෑ
අපි දැන් සමුගනිමු..

ආලෝකයක හමුවෙමු..

Saturday, 16 October 2010

අනුකම්පා වේවා !


එක් උදෑසනක ඔවුහූ ස්මරණයෙහි ඉතා ඈතට ගොස් එහි අතරමංව, එතුමා වෙත එකත්පස්ව වාඩිවී හුන්නාහ. ඔවුනතරින් හෆීස් නම් වූ ශ්‍රාවක තෙමේ එතුමන් අමතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඇදුරුතුමනි, අපට ඔර්ෆලීස් නගරය සහ පසුගිය දොළොස් වසර තිස්සේ ඔබ තුමන් ගතකල දේශය ගැන විස්තර කරනු මැනව"

අල්මුස්තාෆා නිහඞව සිටියේය. එසේ හිඳින ගමන්ම තම දෑස් කුඩා කඳුගැට වෙත සහ අනන්ත වූ අවකාශය කරා යොමු කළේය. ස්වකීය නිහඞතාවය දෝමනස්සයකින් ආවරණය වී තිබුණේය.

ඉක්බිති එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

"මා අවතීර්ණ වී සිටින ගමන් මගට පිළිපන් සහෘදවරුණි, ඇදහිලි දහස් ගණනක් පවතින්නා වූ එහෙත් කිසියම් ලබ්ධියක් නොමැත්තා වූ ‍ජාතියට අනුකම්පා හිමිවේවා.

"තමන් විසින්ම කටින ලද නූලෙන් මැසූ ඇඳුම් නොහඳින්නාවූ ද, තමන් විසින් නොලාගන්නා ලද ධාන්‍යයෙන් පිසූ බත් නොබුදින්නාවූ ද, තම මිරිකීමේ යන්ත්‍ර වලින් ගලා එන මධු පානය නොකරන්නාවූ වැසියන් වාසය කරන දේශයට අනුකම්පා හිමිවේවා.

"බොරු වාගාඩම්බරකාරයන් සැබෑ විරුවන් සේ සලකා ඔල්වරසන් නගන, ආක්‍රමණිකයෙකු මහා විමුක්තිදායකයෙකු සේ සලකන්නා වූ දේශයට අනුකම්පා හිමිවේවා.

"සිහින ලෝකයේදී කාමාදී ක්ලේශයන් ගර්හා කොට සලකන, එහෙත් අවදියෙන් සිටියදී ඊට අවනත වන්නා වූ වැසියන් වාසය කරන දේශයට අනුකම්පා හිමිවේවා.

" අවමංගල පෙරහැරේදී පමණක් තම හඞ උච්චව නගන්නා වූ, නෂ්ටාවශිෂ්ට අතරට වී ඒවා නරඹමින් ආඩම්බර වන්නා වූ, සතුරාගේ කඩුවෙන් තම බෙල්ල දංගෙඩියේ හිර වූ අවස්ථාවේදී පමණක් ඔහුට එරෙහිව කැරැළි ගසන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"දේශපාලකයා හිවලෙකු වූ, දාර්ශනිකයා වීදි නාට්‍ය කාරයෙකු වූ, බහුබූතයන් අනුකරණය කරන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා වේවා.

"හූ හඞ මැදින් පලවා හැරීම සඳහා පංචතූර්ය නාද සහිතව නව නායකයා පිළිගන්නා, වෙනත් නායකයෙකු පිළිගැනීම වෙනුවෙන් පෙර පරිදිම ඔල්වරසන් දෙමින් පංචතූර්ය නාද පතුරන්නා වූ දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"ප්‍රඥාවන්තයන් වියපත්ව ගොඵ වී සිටින, ශක්තිමත් පුද්ගලයන් තවම තොටිල්ලේ ජීවත්වන දේශයක ජනතාවට අනුකම්පා හිමිවේවා.

"හැම පාර්ශ්වයක්ම දේශයේ කොටසකට අයිතිවාසිකම් කියන්නා වූ භේදභින්න දේශයක ජනාතාවට අනුකම්පා හිමිවේවා.

කලීල් ජිබ්රාන්(1883 -1931) ගේ "Le Jardin du Prophete" කෘතියෙනි.
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි (මුණිවර අසපුව - 2000)

Thursday, 14 October 2010

දියුණු වීම...


                                       නිවටකම අන්ධයි
                                       අතගගා ගිහින්
                                       අහුවෙච්ච තැන
                                       දණ ගහල
                                       ඔන්න උදාකර ගන්නව
                                       වාසනාව...
                                   
                                       රැවුම් එරැවුම්
                                       පෙනෙන්නෙත් නැතිකොට
                                       රැව්වට එරෙව්වට මොකද
                                       කිසිවෙක්..

                                       ටික කලක් යද්දි
                                       දොස් බැණුම් ඇහෙන්නෙත් නෑ
                                       නිවටකම බීරි වෙනව
                                       ජීවිතේ මනරම්....

Tuesday, 12 October 2010

එරෙහිවන්නා....


                                   
                                     අනන්තය කරා පවතින
                                     හැම දේම
                                     නිසලය
                                     නිහඞය
                                     ප්‍රීතියෙනි
                                     ස්වභාවය තුළ...

                                     "මම" හැරැ
                                      මේ සිරුර තුළ...

Friday, 8 October 2010

සුදු වතින් වධකයෝ..?



                                       වැරැදි කරනා උන්ට
                                       දඞුවම් පමුණුවන නෙක
                                       අත්වල කොයිතරම්
                                       තැවැරී ඇති ලේ..

                                       ඊටත් වඩා හිත්වල....

Thursday, 7 October 2010

මගේ අත්දැකීම් සහ අවබෝධය


                                       රට  ලෝකය ගැන
                                       ඇසූ පිරූ තැන් ඇති
                                       අත්දැකීමෙන් පෝෂිත
                                       ඒ ගැන නිබඳ
                                       පුරාජේරු දොඩවන...
                                       එහෙත්
                                       තමන්ගේ දොරකඩම
                                       කිසිවක් නොදැන සිටිනා
                                       "මම"... ?

Wednesday, 6 October 2010

සොඳුරුද දඞුවම..?


  
                                        මහපොළොව සමග
                                        අත්සන් කල 
                                        ජීවිතේ ගිවිසුම
                                        ජීවිතාන්තය දක්වා
                                        සිර දඞුවමකි..

Monday, 4 October 2010

මරණය සේ නිදන දවස....



                                      නිවා සරතැස ගතෙහි
                                      උරා දොම්නස් හදෙහි
                                      තාවකාලික සුවයක්
                                      "නින්ද"  ගෙන ඒනම්
                                      "මරණය" කොහොම වේවිද..? 
                                      බෝ කල් නිදනු හැකිවෙන....

Friday, 1 October 2010

ත්‍රස්තවාදයට සමාව දෙනු මැන



                                     පාන් අනුභව කලෙමි
                                     හන්දියේ කඩයෙන් උදයට
                                     බත් එකක් මිළ වැඩි නිසා
                                     නොදැනුවත්කමින්

                                     දේශප්‍රේමියනි
                                     දඟගෙහි නොදමනු මැන
                                     ත්‍රස්තවාදීයෙක් වූවට
                                     නොදැනුවත්කමින්..