Thursday 14 October 2010

දියුණු වීම...


                                       නිවටකම අන්ධයි
                                       අතගගා ගිහින්
                                       අහුවෙච්ච තැන
                                       දණ ගහල
                                       ඔන්න උදාකර ගන්නව
                                       වාසනාව...
                                   
                                       රැවුම් එරැවුම්
                                       පෙනෙන්නෙත් නැතිකොට
                                       රැව්වට එරෙව්වට මොකද
                                       කිසිවෙක්..

                                       ටික කලක් යද්දි
                                       දොස් බැණුම් ඇහෙන්නෙත් නෑ
                                       නිවටකම බීරි වෙනව
                                       ජීවිතේ මනරම්....

4 comments:

  1. ඔහොම ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙනව

    ReplyDelete
  2. නියමයි මේ කවිය... ලැජ්ජාව බය කියන ඒව දැණෙන්නෙ නැති වුණාම වැරදි කරන එක ගේමක් නැති වෙනවනේ... අපට එහෙම ඉන්න බෑ වගේ හිතුණට එහෙම වුණ අයට අපි වගේ ඉන්නත් බෑ‍‍‍...

    ReplyDelete
  3. හැබැයි දණ ගැහුවාම දැත් ශක්තිමත් වෙනවනේ

    ReplyDelete
  4. ස්තූතියි සියඵ දෙනාගෙම අදහස් වලට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.