Tuesday 24 January 2012

මඛාදේව අභිමුවෙහි..




කවුද මේ වන පෙත
සැඟවී දැහැනකට වැද
ටිකක් මතකයි සෘජු කය
ආරෝහ පරිනාහ දේහය

අඳුනන්න බැරිද ඇත්තට
මඛාදේවය මම

හෝ ‍හෝ රජකම අතැරැ
පලා ආ හාදයා නේද මේ
නරකෙසක් හිස දැක

 “තපසේම ඉන්න බෑ හැමවිට
පාඵයි හිතට වන පෙත
මොහොතකට හෝ යා නොහැක
ආපසු නගරයට
සංසාර දුක එහි අපමණ

උපන්දා සිට ඇති
සසර දුක අපට පුරුදුය..
ඵෛස්වර්යය මැද
එදුකෙන් සැඟව හිඳි කල
අමතක කලේ කිම
ප්‍රත්‍යන්ත දේශයෙහි
මිනිසුන් දිවා රෑ
පෙළනා සසර දුක් කඳ

නරකෙසක් හිස මත
කොයිතරම් සුඵ දෙයක් වෙද
පලා ආයේ කිමද මුග්ධය
ජීවිතෙන් තොප..

එනු නැවත නුවරට
මුහුණට මුහුණ දී
සසර දුක් කඳ වෙත
විඳ දරා මුහුණ දෙනු
ජීවිතය පණ ගහයි
ජනී ජනයා මැද..
 ‍‍

8 comments:

  1. දහදිය හෙලන
    දුක් කඳුළු වගුරන
    ජනීජනයා මැද
    සොයනු විසඳුම් දුකට

    ReplyDelete
  2. සසර මහ දුකක් යැයි
    ඉපදුම නවතවා
    සසරින් පලා යාමට වඩා

    නිවිය නොහැකි ඒ මහ දුක
    ටිකක් හෝ අඩු කරන්නට
    වඩා යහපත් හෙටක්
    තනන්නට වෙහෙසීම අගනේ

    කිසිවෙකුත් දුකෙන් නොමිදුනද
    සැමට දුක අඩු වනු ඇත

    ReplyDelete
  3. පවත්නා ක්‍රමයෙහි
    ඇතේ යැයි දාහක් වැරදි
    එය කඩා බිඳ දමනවාට වඩා

    අසාධාරණ වූ එම ක්‍රමය තුල
    මිනිසුන් දැනුමින් පුරවා
    තරමක හෝ සාධාරණයක්
    තනන්නට වෙහෙසීම අගනේ

    සර්ව සාධාරණ නොවුනද
    අසාධාරණය අඩු වනු ඇත

    ReplyDelete
  4. ඛවුද මේ මඛාදේව කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ජාතක කතා සංග්‍රහයේ තියෙන මඛාදේව ජාතකයේ සිටින රජතුමා මඛාදේව වේ.

      Delete
  5. ජීවිතය පණ ගහයි
    ජනී ජනයා මැද..

    ReplyDelete
  6. කවි වලට හොර වුනාට, නිකමට හරි කියවල බලනව. ඒ වුනත් කොහොම හරි මේක මිස් වෙලා මට. නව අර්ථ කථනයක් වගෙයි මගෙ නැණ නුවණ හැටියට නං තේරුනේ ...හෙහ්..හෙහ්...

    ReplyDelete
  7. මේ රජගොල්ලෝ මේ කාලේ නැද්ද හැබෑට?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.