Monday 26 April 2010

පිස්සන් කොටුව



                              එකිනෙකාගෙන් වෙනස්වන
                              පුංචිම ප්‍රතිශත වලින්
                              රෝගී කෝටි ගණනක්
                              රඳවා තිබේ...?
                              සයුරු සතකින් වෙන්කර
                              මහද්වීපික සයක 
                              ගෝලීය කුටියක් තුළ.....

20 comments:

  1. ඒ කියන්නේ ඔයත් ඒ අතර ඉන්න පිස්සෙක්...
    ඔයා අපිටත් පිස්සො කිව්ව නේද ?

    ReplyDelete
  2. මේ...මේ...මම නෑ ඔන්න ඔය ගොඩේ...හික්ස්...

    ReplyDelete
  3. පිස්සො නෙවෙයි අය්යෝ. ජීවිතය රග මඩලකි. අපි එහි නළුවෝ වෙමු.

    ReplyDelete
  4. @චමීදේවා

    ඔයා ඉන්නේ අගහරු ලෝකෙද ? හික්ස්

    ReplyDelete
  5. @දිල්,
    අනේ නෑ.මේ වෙලාවේ හඳේ....

    ReplyDelete
  6. චමිදේවා ට/
    හික්ස් වෙන්න ඇති.ඒක තමා අපිට මෙහෙ හොදටම කරුවල :P

    ReplyDelete
  7. අනේ....මට තේරෙන්නේ නැහැ අයියෝ..... පොඩ්ඩක් සරලව කියන්න බැරිද?

    ReplyDelete
  8. ගීත්ට/

    මෙච්චර සරළව " ඔයා පිස්සෙක්" කියලා ලියලා තියෙද්දිත් තවත් තේරුම් කරන්නලු...හික්ස්

    ReplyDelete
  9. අපට තිබෙන ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් ඔය ස්වභාවය තිබෙන සුළුතරයක් කොටුවකට දාලා, ඒ කොටුව පිස්සන් කොටුව කියලා නම් කරන අපට හොඳ වැඩේ කියලා හිතුණා මල්ලී.

    ReplyDelete
  10. @ගීත් : අපි ඔක්කොටෝම පිස්සො කියල අයියෝ.... ඔයාගෙ ටිකිරි මොලේට එච්චර දෙයක් වත් තේරෙන්නෙ නැද්ද?

    ReplyDelete
  11. එහෙමද අයියෝ ......මේකව තියන්න වටින්නේ නැහැ නේ. (දිල් මාව පොඩ්ඩක් අල්ලගන්න) සප්නා මොකද කියන්නේ මම මේකට ගහන්ටද?

    ReplyDelete
  12. කවුරු කවුරුත් පිස්සෝ තමා.. ඔබත් මමත් ඇතුළු මුළු ලෝකෙම.... හොඳ පද පෙලක්.. :)

    ReplyDelete
  13. පිස්සෙක් විතරක් වෙලා විතරක් මදි මචන්. අපේ සිතැඟි අනුව ජීවත් වෙන්න නම් අමුම අමු පිස්සෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
  14. සප්නා නෙවෙයි ස්වප්නා :@ :@ :@...... ඕන කෙහෙල්මලක් කර ගන්න

    ReplyDelete
  15. සබ්බේ සත්තා උන්මත්තකා!!. මමත් ඇතුලුව.

    ReplyDelete
  16. ස්තූතියි සියඵ දෙනාටම.

    ReplyDelete
  17. පේනව නේද ? අපිට පිස්සො කියලා දැන් ශේප් එකේ " ස්තුතියි " ලු :O

    ReplyDelete
  18. හික් හික් ඉතින් ඇත්තනේ කිව්වෙ දරුවො.

    ReplyDelete
  19. " දරුවො " .....හ්ම්ම්ම් !
    කාලෙකට පස්සෙ හිතට පුරුදු වචනයක් ඇහුවා..ස්තුතියි

    ReplyDelete
  20. ගීත්, තරහ උනාද මගෙත් එක්ක.

    පොඩ්ඩනෙ සැර වැර කලේ
    මොකද හිත නොරොක් වුණේ
    ඇවිදින් පෙර වර වගේ
    උතුරවන්න කව් රසේ

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.