Tuesday 15 May 2012

ප්‍රශ්ණ වලට ඉඩ නොදුන් ප්‍රශ්ණය






කුස පිරුණු මිනිසුන්ට
සිය ගණන් පුද්ගලික
ප්‍රශ්ණ ඇතිවී තිබුණා
මං පුංචි කාලෙත්....
පවුල් අවුල්
ආදර ගැටඵ
සොර බිය
බැංකු පොළී අඩුවීම
දරුවන් කෑමට හොරවීම
තව බොහෝ....

සිනමා සිත්තම් විලස
නොයෙක වර මට දැණුන...

අදත් එහෙමයි මම
එවන් සිනමා බලන
සාගින්න පමණක්
එකම ප්‍රශ්ණය වුණ..

රැයක් දවාලක් පාසා
නැවත නැවතත්
මා සොයා පැමිණෙන
කිසිදා නොවිසඳුණු
එකම ප්‍රශ්ණය..?
ඉඩ නොදෙයි
සිනමා රූප ලෙස සිතෙන
අන් කිසිම
ප්‍රශ්ණයකට...

සිනමා රූප මත
නලියන චරිත කිසිවිට
නොදන්නා ගැඹුරක තිබෙන
එකම ප්‍රශ්ණය 
ම'වැන්නන් පමණක් දන්න..


9 comments:

  1. කවිදැයි මාවත් නොදන්නා මේ නීරස පද පේළි කියවන්නේ ඉතාම කිහිප දෙනෙක් පමණයි. ඒ පිළිබඳ අදහස් දක්වන්නේද ඉතාම සුඵ පිරිසක් පමණි. බොහෝ විට කොමන්ට්ස් වලට පිළිතුරු ලිවීමක් තබා අවම වශයෙන් පොදුවේ ස්තූතියක්වත් සටහන් නොකරන තත්වයක් තුළ හත් අට දෙනෙක් හෝ ඒ මගේ නිහඞ කෘත ගුණ නොදත් පිළිවෙතට කිසිවක්ම නොකියා දිගින් දිගටම ගුණ දොස් පවසයි. ඒ සියල්ල මට දිරි ගැන්වීමක් සතුටක් ගෙන එයි.

    එහෙත් පුද්ගලිකව ඇසුරු නොකලද, හැඳිනගෙන නොසිටියද හැකි හැමවිටම පැමිණ(විටෙක කවි කියවීමට කම්මැලි හිතෙන බව පැවසුවද) මා ලියන නීරස මේ පද පේළි කියවා අවම වශයෙන් කියවූ බව හෝ නිහතමානීව සනිටුහන් කර දිරි දුන් OBSERVER හෙවත් බ්ලොග් පාඨකයන් සහ හිතවතුන් අතර සිටි "ඔබා මාමා" සදහටම මෙලොවින් සමුගැනීම විශාලතම පාඩුවක් සිදු කර ඇත්තේ අඩුම පාඨකයන් සංඛ්‍යාවක් සහ අඩුම ප්‍රතිචාර දැක්වීම් වලට භාජනය වන මගේ මේ සටහන් වලටදැයි මට සිතේ. හැකි හැම විටම විහිඵ වදනක් හෝ තබා යන ඒ කොමන්ටුව අහිමි වීම මෙන්ම යහපත් සහෘදයෙකු අහිමිවීම කණගාටුවට කරුණකි.වේදනාවකි.

    ReplyDelete
  2. ප්‍රශ්න ප්‍රශ්න, ප්‍රශ්න අතර කාටවත් නොපෙනෙන කවුරුවත් නොදන්නා ප්‍රශ්නය

    ReplyDelete
  3. ප්‍රශ්ණ ගොඩක්.. උත්තර හොයා ගන්න අමාරු..

    ReplyDelete
  4. අනේ මන්දා මම නම් හැමදාම ආවා . ඒ අර උත්තර භූමියක සිහිනය මගෙත් තියෙන හින්දාද මන්දා.

    ReplyDelete
  5. "බඩ ගැන නොසිතව්
    රට ගැන සිතව්"
    අපේ උතුම් නයුවන්
    අපහට දෙසංනවූ දහම
    නොදැනීද තොප හට?

    ReplyDelete
  6. සෙලෝලයිඩ් සිනමාවෙන් වැසුණු සැබෑ ජීවිත කතාව මීට වඩා වෙනස්. ඒකත් චිත්‍රපටයක් වගේමයි. ආදරය,සතුට, දුක වේදනාව, සුසුම්, වගේම දුෂ්ඨයෝ, විකටයෝ පවා සැබෑ ජීවිතවලට හමුවෙනව. පිටපත ,තිරරචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය තමන් විසින්මයි.ඒත් පවතින ආර්ථික සහ සමාජ ප්‍රවාහයන් තුළ, රැඟුම්පාලක මණ්ඩලයේ කතුරට ඇතුම් කොටස් කපා දාන්න සිද්ධවෙනව ඒ ජීවිතේ හැටි.

    ReplyDelete
  7. චිත්‍රපටි පවතින්නෙ ඔය ප්‍රශ්ණය නිසා නේද මචං... අපි තුරන් වෙයි කියල හීන මවන ආදායම් විෂමත්වය, ජීවන බර, රස්සා... හැමදේම විසින්ම නේද කලාව කියන එක යම් මට්ටමකට පවතින්නේ? මම හිතන්නෙ ඇත්ත ජීවිතේ දිනන්න බැරි දේවල් මනසින් දිනන්න චිත්‍රපටිවලින් අවස්ථාවක් ලැබෙනවා.

    ReplyDelete
  8. ස්තූතියි ඔබ සියඵ දෙනාටම.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.