Wednesday 2 June 2010

සිහිනවලට එද්දි..............



                                           නොදනීද ඔබ
                                           සිහිනෙකට එන හැටි
                                           අනුන්ගෙ නිදි ලොවක
                                           විනීතව
                                           සංවරව

                                           හා.... කමක් නෑ..
                                           ආයෙමත්  සූදානම්
                                           මම නිදන්නට
                                           එනවනම් මේ වරත්
                                           ආවාට කමක් නෑ
                                           ඔය නොසන්සුන්
                                           ඇස් ටිකක් නිවාගෙන
                                           විනීතව 
                                           සංවරව......

11 comments:

  1. උපරිමයි සහෝ. සිහින ලොවේ මිහිරක් මැවෙන්න වගේ යන්නේ :)

    ReplyDelete
  2. හා හීනයක් දැකල නේද???

    ReplyDelete
  3. දකින්න යන හීනේ මොන වගේ එකක්ද කියල ඒ හීනෙට එන කෙනාගෙ හැසිරීම් විස්තර කරපු ආකාරයෙන් පැහැදිලි වෙනව. අපට ඕන විදියට හීන දකින්න ආසා උනත් හීන ගේන අය අපට ඕන විදියට නෙමෙයිනෙ හීන පෙන්නනෙ.කොහොම උනත් කමක් නෑ හීන වලටම වහල් වෙන්නැතුව හිත ධමනය කර ගන්න හදන උත්සාහය වටිනව.

    ReplyDelete
  4. ඒ තරම් විනීතව සංවරව ආවම හීනයේ සුන්දර බව නැතිවෙනවනෙ......

    ReplyDelete
  5. සිහින කුමරියන්වී
    විනීතව සංවරව
    බොහෝ අය පැමිණේවි...!!!!
    බිඳී විසිරී වැටෙන
    සිහින මාළිඟ තුලට

    ReplyDelete
  6. හැමදාම වගේම උපරිමයි..

    ReplyDelete
  7. "සිහින වලට වැට කඩුලු සීමා නැත.... "
    හරිම ලස්සනයි නිර්මාණය!!!!

    ReplyDelete
  8. "එනවනම් මේවරත්, ආවාට කම් නැ"
    ලස්සනයි සහො මේ වචන ටික...

    -සෝරෝ

    ReplyDelete
  9. ඔබ සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි දැක්වූ අදහස් වලට.

    ReplyDelete
  10. හීනෙන් ඇවිත් මොකටද බන් විනීතව සංවරව ඉන්නේ . . හැබෑ ලොකේදී බැරි මගුල් කොර ගන්න ඉඩ තියෙන්නේ හීන ලෝකේදී විතරයි . . එහෙව් එකෙත් විනීතව ඉන්න නම් ඉතිං හැඟීම් දැනීම් දැනෙන ඒවා ගලෝල දාන්න වෙයි . . හි හි

    ReplyDelete
  11. @ දුකා
    හික් හික් ඒකනම් ඇත්ත තමා.
    ඒත් මේ හීන දකින එකා හෙම්බත්වෙලා ඒකෙන්.
    ස්තූතියි ඔබේ අදහස් වලට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.