Friday 4 June 2010

විරූපී යුවතියට....



පද වැලක් සුන'රුත්
නීරස තනුවකට අමුණා
අසාධු දෙවිකෙනෙක් යම්
තැනූ ගීයකි....
ළඳුනි නුඹ නොගැයුණු
අමතකව ගිය ගයන්නට
වසත් කල කොවුලන්ට...

11 comments:

  1. ලස්සන අදහසක්..දිගටම ලියන්න.සුබ පතනව.

    ReplyDelete
  2. ඇයි අයියේ ඔයා හැම තිස්සෙම මේ විදිහේ ඒවා ලියන්නේ? සතුටු හිතෙන දේවලුත් ලියන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  3. මොකක්ද බං උඹට වෙලා තියෙන්නේ....?

    ReplyDelete
  4. වසත් කල කොව්ලන්ට
    ගයන්නට අමතකව ගිය
    නීරස තනුවකට ඇමිණූ
    සුන'රුත් පද වැලක් වුව මා
    හිත් කොණේ රැඳි
    සුමට තනුවකි මම නිබඳ
    අසාධූ දෙවියන්ටද නොපෙනුනු..........

    ReplyDelete
  5. දෙවි කෙනෙක් වේ නම් යම්
    අසාධු වනු නොහැකී
    විරූපී වුව සොයුරී, නුඹේ
    සුරූපී හද නොමැකී
    ගයන්නට කොවුලන් දැන්
    අරුත් පද වැල් නොදකී
    කුකවියන් අත නො‍රැදී
    නුඹ කවක් නූවත් පිනකී

    ReplyDelete
  6. අමුතුම නිර්මාණයක්. මම මේකට හුගාක් කැමතියි

    ReplyDelete
  7. ලස්සනයි. ඒත් කියවලා ඉවර වෙන කොට මට ඇය ගැන දුක හිතුනා.

    ReplyDelete
  8. Randil මම සතුට දැනෙන දේවලුත් ලිව්ව විටින්විට ඒත් එය ඔබට‍ ග්‍රහණය නොවන්න ඇති. මේකත් මා දුටු පවතින සත්‍යයක්. ඉතින් එය සතුටුදායක කාරණයක්‍ නෙවෙයි. ගොඩක් වෙලාවට සත්‍ය දේවල් කටුකයි. ඉතින් පවතින අයුරින්ම විස්තර නොවේනම් කිසිවෙක් ලියන දේ සුන්දර අති‍ශයෝක්තියක් වෙයි.

    කවදත් වගේ අදහස් දක්වා මා දිරිමත් කරන ඔබ සියඵ දෙනාටම ගොඩාක් ස්තූතියි !!!

    ReplyDelete
  9. හ්ම්ම්ම් ඕක නං ඇත්ත තමයි. හැබැයි විරූපී උනත් සමහර අය උත්සාහයෙන් තමන්ගෙ ජීවිතේ ගොඩ දාගන්නව මම කියවල තියනවා.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.