Tuesday 22 June 2010

නොසිදුවීම් සිදුවීම



                                    දහස් දේ කලමුත් කලෙක
                                    කිසිවක්ම සිදු නොවිණ..

                                    එනමුත් අද
                                    කිසිවක්ම නොකර මා
                                    නිහඞතාවය ගැඹුරෙහිය..

                                    එහෙත් අරුමෙකි
                                    කෝටි සංඛ්‍යාත දේ
                                    මා තුළ සිදුවෙනු දකිමි..

7 comments:

  1. නිහඬතාවය සැබෑ ඔසුවක් ද ?

    හුගාක් විට. නිසිවක් කරන අවස්ථාවට වඩා නිහඩව සිටින විටදී සිතුවිලි හොඳින් හැසිරෙනවාට සැකයක් නැත

    ReplyDelete
  2. සමහර ප්‍රශ්න වලටත් උත්තරයක් තමා නිහඬතාවය.. ලස්සනයි මචං කවියත්...

    ReplyDelete
  3. පිංතූරෙට නම් බය උනා මම. මේ කියන්නෙ මර්ණයෙන් නිහ්ඬ වුන කෙනෙක් වටා සිදු වෙන ක්‍රියාදාමයක් ගැන වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. අපට ඇවැසි විට නොව කාලයට අවකාශයට ඇවැසි විට අපටද නොදන්වා බොහෝ දේ සිදුවෙයි.

    ReplyDelete
  5. @ ඉසිඹුව - මරණයට පත්වුණ කෙනෙක් ගැන නෙවෙයි අදහස් කලේ. බාහිර කටයුතු වලින් ඈත් වුණාම මනස තුළ ගොඩනැගෙන නිහඞතාවය තුළ බොහෝදේ සිදුවන බවයි. ඊට වඩා විස්තර කරන්න තේරෙන්නෙ නෑ. කවියකින් කියන ව්‍යංගය වගේ නෙවෙයිනෙ විස්තර කරන එක.

    ReplyDelete
  6. හ්ම්ම්.. අපි හිතන්නේ නැති කොයිතරම් නම් දේවල් සිදුවෙමින් තියනවද?නිහඩතාවය සමහරවිට ඒ දේවල් වලට නිදහසේ හිතන යමක් ඉතුරු කරනවා

    ලස්සන නිර්මාණයක් :)

    ReplyDelete
  7. ස්තූතිය ඔබ සියඵ දෙනාටම දැක්වු අදහස් වලට.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.