Saturday 5 June 2010

බබ්බුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය



ඇති අය විසිකරන
කසල ගොඩකට
විටෙක අපි කසල වෙමු..

චෞර අත් මත විටෙක
සොරබඩුය අප..

වැඩිහිටියෝ නිතින්
අපද විකුණා දමයි
ඔවුන්ද විකිණී සිටින
වෙළඳපොළ තුළම..

ඇත්තටම
අපි ඉපදුණේ ඇයි..?

6 comments:

  1. යථාර්තය ඒකම නෙමේ නේද ? පපුව අස්සෙ තියාගෙන බබ්බු හදන දෙමාපියන්...ඒ අය ගැන ප්‍රකාශයක් නැද්ද බබ්බුන්ගේ ?

    ReplyDelete
  2. නියම අදහසක් :) කොහොම වුණත් දිල් අක්කා කිව්වා වගේ මහන්සිවෙලා දරුවෝ හදන දෙමාපියෝ ගැනත් අමතල කරන්න හොඳ නැහැ :)

    ReplyDelete
  3. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  4. නියම අදහසක්.ඒත් දරුවන්ව ආදරෙන් බලා ගන්න දෙමාපියොත් ඉන්නව නේද?

    ReplyDelete
  5. දරුවන්ව ආදරෙන් බලා ගන්න දෙමාපියොත් ඉන්නව කියන අදහසට මමත් එකඟයි. ඒත් දරුවන්ගේ විවාහය වගේ අවස්ථාවල ඒ ආදරය නිසාම ඒ අයත් නොදැනුවත්වම දරුවන් වෙන්දේසි වන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
  6. ඒක ඇත්ත දිල් මේ අසමජ්ජාති පැටව් අම්ම අප්ප දක්වන ආදරේ ගැන කතා කරල නෑ නොව. කොහොම වුණත් දරුවන්ට ආදරෙයි නම් දෙමව්පියො එහෙම බලාපොරොත්තු වෙන්නත් නරකයි. ආදරය පරිත්‍යාගයක් විතරනෙ.
    කොහොම වුණත් සංකීර්ණ වෙළඳපොළක නොදැනුවත්වම අම්මල තාත්තලත් විකිණිලා.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.