Saturday 17 July 2010

කාලය අයිති දුකටය...



                                     දුකෙන් කම්පිත සිතුවිලි
                                     කඳුළැලි අතරතුර
                                     'කාලය' උදාවෙයි
                                     වහා නොගෙවෙයි
                                     පීඩිත කරයි හදවත.....

                                     එහෙත් ප්‍රමෝදය තුළ
                                     දහවලක් රැයක් නොතිබිණ
                                     'කාලය' නොවිණ ඒ තුළ
                                     පසක් විණ මෙලෙසින..?

                                     ''කාලය'' අයිති දුකටය.

9 comments:

  1. දුක අපේ අසල්වැසියාය...
    සතුට යනු අමුත්තෙකි...
    විටින් විට එබී බලා
    නොපෙනී යන.....
    කාලය යනු නිරීක්ෂකයෙකි.....
    අපෙ ගමන් මඟ දෙස
    උපේක්ශවෙන් බලා හිඳින....
    අපි.....
    වැස්සට ඉගිලෙන මෙරු වෙමු...
    ලෝකයම අපේ යැයි හිතන....
    ආලෝකය ජීවිතය යැයි පතන..........

    ReplyDelete
  2. දුක සුවපත් කරන්නෙත් කාලයම තමයි...

    ReplyDelete
  3. කාලය අයිති දුකට නොව
    කාලය අයිති සැපට නොව
    කාලය අයිති අපටය

    කාලය විසින් දෙන තීරණ
    දුක හෝ සැප බවට හැරවීමේ
    සුක්කානම අප සතු විය යුතුය

    සුක්කානම ගන්න ඔබේ අතට

    ReplyDelete
  4. කාලයට අරුතක් එක්කල හැක්කේ අපටම් අපමනි.......

    ලස්සන පදපෙලක්...

    ReplyDelete
  5. අද නම් මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ : හේමලයා " ලියලා තියෙන පිළිතුරු පද ටිකට. ඔබේ කවියට නොදෙවෙනි ලෙසින්..

    කවි දෙකම විශ්ෂ්ඨයි

    ReplyDelete
  6. wath හා එකඟ වෙමි.

    ReplyDelete
  7. කාලයද මිම්මකි. එය මේ මොහොතයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  8. දැක්වූ අදහස් පිළිබඳ සියඵ දෙනාටම ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.